
සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්ටද නැතිනම් ටෝකන් අංක හිමියන්ටද යන තර්කය පදනම් කරගෙන දිවයින පුරා සීමිත ඉන්ධන ලබාදීමේ කටයුතු අද ජුලි 01 සිකුරාදා දින අවුල් සහගත තත්වයකට පත්ව තිබේ.
මේ හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ස්ථාන කිහිපයකින් වාර්තා විය.
එකක් වාර්තාවන්නේ ගාල්ලෙනි. ගාල්ලේ තෙල් ගැනීමට පැමිණි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ටෝකන් හිමියන්ගේ පහරකෑමට ලක්වූ බවටද වාර්තා පළව තිබේ.
ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයන් ගැන රජය විටින් විට විවිධ නීති රීති හදුන්වාදෙන අතර ඒවා අතර ඇතිවිය හැකි පරස්පරතා ගැන අවබෝධයක් ඇතැම් විට නොමැත.
මේ හේතුවෙන් සීමිතව පවතින ඉන්ධන වෙනුවෙන් කලකෝලාහල ඉබේම නිර්මාණයවී ඇති සෙයක් දිස්වේ.
ගාල්ලේ ගැටුම් කාරී තත්වය අතර ලබාගත් වීඩියෝ දර්ශන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval