covid-tests-stopped

කෝවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකළ ඇන්ටිජන් පක්‍ෂණ හා පී.සී.ආර්. පරීක්‍ෂණ මේ වනවිට නවතා දමා තිබේ. එනමුත් මේ වනවිට රෝහල හෝ නිවෙස්වල රෝගීන් 551ක් ප්‍රතිකාර ලබාගන්නා බවත්,  කෝවිඩ් රෝගීන් බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකුවෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සමස්ත කාලය තුළදී මෙරටින් කෝවිඩ් මරණ 16,521ක් වාර්ත වී තිබෙන අතර, පිරිමි පුද්ගලයන් 9,327ක් සහ කාන්තාවන් 7,194ක් මෙම පිරිස අතර වේ.මෙරට තුළින් ඊයේ දිනය වනවිට කෝවිඩ් රෝගීන් 664,098ක් වාර්තා වී තිබෙන අතර, කෝවිඩ්. එන්නත ලබාදීම යටතේ ඊයේ දිනය වනවිට කෝවිඩ් 04වැනි මාත්‍රාව පුද්ගලයන් 10,887ක් ලබාගෙන තිබේ. මේ වනවිට කෝවිඩ්-19 වසංගතය වෙනස් වෙමින් පවතින බවත්, එය තවමත් අවසන් නොමැති බවත් අනතුරු අඟවයි. 'බී.ඒ.5' සහ 'බී.ඒ.4" යනු කෝවිඩ්-19 ඔමික්‍රෝන් විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උපප්‍රභේද වන අතර, මෙම උපප්‍රභේද දෙක අතරින්ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ,

'බී.ඒ.5' ප්‍ර ත්වය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත. එසේම 'බී.ඒ.5' ප්‍රභේදය මේ වනවිට රටවල් 63කට. ව්‍යාප්ත වී අවසන් බවට සංඛ්‍යා ලේඛන පෙන්වාදෙන අතර, කෝවිඩ් රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් ප්‍රමාණය 230ක් ලෙස ලෝක කෝඩ් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ලෝක කෝවිඩ් සංඛ්‍යාලේඛනවලට අනුව ඊයේ උදෑසන 8.00න් අවසන් වූ පැය 24 සැලකීමේදී ලෝකයේ රටවල් හා දූපත්වලින් කෝවිඩ් රෝගීන් 127,536ක් වාර්තා වී තිබෙන අතර, එම කාලය තුළදී මරණ 230ක් වාර්තා වී ඇත.