future-of-sri-lanka

අපේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය හා ආර්ථික ක්‍රියාවලියේ පවතින දුර්වලතා අපගේ ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට කෙසේ බලපාද යන්න හා අප ජාත්‍යන්තරයට නිසි ලෙස මුහුණ දීමට කුමන විදෙස් ප්‍රතිපත්ති ප‍්‍රවේශයන් අනුගමනය කළ යුතුද යන පිළිබඳව, අපි කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය චාමින්ද අබේසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.

"ඕනෑම රටක් ගත්තොත්, විශේෂයෙන්ම 1970 දශකයපසු නූතන රාජ්‍ය ක්‍රියාකාරිත්වය තුළ කිත්සිම විටක හුදකලා පදනමක සිටීමක් දක්නට ලබන්නැහැ. මේ වන විට අපි සිටින් ජාත්‍යන්තර ගෝලීය ආර්ථික දේශපාලන ව්‍යුහයක් තුළයි. ඒ නිසා සෑමකලකදීම සම රටක්ම සිය පැවැත්ම සම්බන්ධයෙන් කටයුතු කිරිමේදී ජාත්‍යන්තර දේශපාලනය රටට බලපෑමක් සිදුකරනවා. ඒවගේම අපේ රටවල්වල සිදුවන දේවලුත් ජාත්‍යන්තරයට බලපෑමක් සිදුකරනවා. පසුගිය දශක දෙක,

තුන තුළ ගෝලීය දේශපාලනය තුළ බොහෝ ප්‍රවණාතාවන් දක්නට ලැබුනා.ඉන් එකක් වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයට, ආසියාව හා නැගෙනහිර යුරෝපයන්ද්‍ර කර ගනිමින් අභියෝග රැසක් එල්ල වීමයි. ඉන් ප්‍රධානවම සිදු වූ දේ චීනය ආර්ථික බලවතක් ලෙස එළියට මතුවීමයි. අනෙක් අතින් රුසියාව තමන්ගේ පැරණි ශක්තිය විදහා පාමින් ඉදිරියට පැමිණීමත් සිදුවුණා. මෙලෙස චීනය හා සෝවියට් දේශයේ නැගීමත් එක්ක ලෝක දේශපාලනය නැවත සීතල යුද්ධයකට අවතීර්තවීමක් සිදුවුණ. ම

ේ අතරතුරම චීනයේ ආර්ථික තත්වයත් සමග ලෝකයේ ආධිපත්‍යය ආසියාව දෙසට යොමු වීමක් දක්නට ලැබුනා. එවැනි තත්වයක් තුළ ආසියාව කේන්ද්‍ර කර ගනිමින්ගෝලිය දේශපාලනය තුළ බොහෝ ප්‍රවමාතාවන් නිර්මාණය වෙමින් පැවතුමා. ඒ තමයි චීනය තම පසුගිය දශක 4ක කාලසීමාව තුළ ලබා ගත් දැවැන්ත ආර්ථික  වර්ධනය පදනම් කරගෙන ලෝක දේශපාලනයට බලපෑම් කිරීම සදහා ඉදිරියට පැමිණීම. එහි ප්‍රතිඵලයක් ලෙස Belt and Road ව්‍යාපෘතිය, ලෝක බැංකුවට විකල්පයක් ලෙස පැමිණි AAIA බකුව ආදිය චීනය මැදිහත් වීමෙහි නවලෝක බලධූරාවලියක් ගොඩනැගීම සඳහා දියත් කළ ව්‍යාපෘතීන් ලෙස සදහන් කළ හැකියි.

මෙලෙස චීනය ක්‍රමයෙන් ඇමරිකන් ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කරමින් පවතින අවදියකයි මෙලෙස ආසියානු සහශ්‍රය ඉදිරියට පැමිණීමක් සිද්ධ වෙත්. ආසියානු සහශ්‍රය තුළදී කේන්ද්‍රීය වැදගත්කමක් පවතින දෙයක් බවට පත්වන් මුහුදු මාර්ගයක් පැවතීම හා භූ දේශපාලනික පැවතීම. භූ දේශපාලන පැවැත්ම තුළදී ශ්‍රී ලංකාව ඉතා වැදගත් තැනක පිහිටා තිබෙන බව සදහන් කළ යුතුයි. මෙය චීනයට අතිශය වැදගත්කමක් දක්වන කරුණක්. එයට හේතුව වන්නේ එළඹන සහශ්‍රය තුළදී ආසියානු ආධිපත්‍යය තහවුරු වීමක් සිදුවන විට, ලෝක වෙළද ආර්ථිකය කේන්ද්‍රස්ථානය බවට පත්වන් ආසියානු කලාපය වීම.

ආසියානු කලාපයේ නාවික ගමනාගමනය, සමුද්‍රික ආරක්ෂාව ආදී කාරණාවන් තුළ ශ්‍රී ලංකාව පිහිටා තිබෙන තත්වයත් සමග අතීතයේ පැවැති භූ දේශපාලනිකවැදගත්කම නැවත වරක් කැපී පෙනෙන්ට පටන් ගන්නවා.ඒ නිසා විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයත්, ලංකාවත් සම්බන්ධයෙන් දැක්වූයේ ඉතාමත් වැඩි සැලකිල්ලක්.එමෙන්ම පසුකාලීන ලෝක ආර්ථික ක්‍රියාවලිය පැවති ප්‍රවණාතාවක ප්‍රතිඵලයක් ලෙස අපේ කලාපීය අසලේවැසිබලවතා වන ඉන්දියාවත් ඉතා ක්‍රමයෙන් කාර්මිකරණය හරහා විශාල බලපෑමක් කරන රටක් ලෙස ඉදිරියට පැමිනුනා. ඒ වගේම අපි කවුරුත් දන්නා කරුණක් වන් චීනය හා ඉන්දියාව යන රටවල් අතර කෙතරම් දැඩි තරගකාරීබවක් තිබෙනවාද යන වගයි.

මෙවැනි පසුබිමක් තුළයි ලංකාව ලෝක දේශපාලනය හා සම්බන්ධ වීමක් සිදුවන්නේ. මේ නිසා සුළුබලවතෙක් ලෙස ලංකාව නතු කරගැනීමට දකුණු කලාපයේ අසල්වාසි රට ලෙස ඉන්දියාවත්, ආසියාවේ බලවතා ලෙස චීනයත්, ලෝක බලවතා ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිරත් උත්සාහ ගනිමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශකය තුළ ලංකාව වෙත ඉතා වේගයෙන් ඇමරිකාව, චීනය හා ඉන්දියාව යන රටවල්වලින් වන බලපෑම ඉහළ ගියා. ඒ බලපෑම වැඩි වන්නේ යුද වතාවරණය අඩු වෙලා නව සංවර්ධනාත්මක ගමන් මාර්ගයකට අවතීර්ණ වන්නට පටන් ගැනීමත් සමගයි. එවැනි අවස්ථාවකදී ඉන්දියාව, චීනය හා පාකිස්තානය වගේ රටවල් සමග ලංකාව සමීප සම්බන්ධතාවන් පවත්වා ගැනීම ආරම්භ කරනවා. එවැනි සබදතාවක් සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑමක් සිදුවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටුමට රාස්පරෙජීමය බලාපොරොත්තු වූ සහයක් බටහිර රටවල්වලින් නොලැබීමයි. බටහිර රටවල් සෑමවිටම මේ සදහා විසඳුම් සෙවි ප්‍රජාතන්ත්‍රවාදීව වුවත්, ලංකා රජය ඒ වෙනුවට අනුගමනය කළේ යුදමය විසඳුමක්.

මේ නිසා අපිට බටහිර රටවල්වල සහාය නොලැබී ගිය අතරම, චීනය හා පාකිස්තානය සහාය ලබාදීමක් සිදුකරනවා.

මෙවැනි තත්වයක් තුළදී එවකට පැවතිය විශ්වාස කළේ තමන්ට අසීරුම අවස්ථාවේදී උපකාර කචීනය හා ඉන්දියාව වැනි රටවල් පමණක්ය නිසා, ලංකාවේ පශ්චාත් සංවර්ධනය සදහා චීනය දෙසට වැඩි නැඹුරුවක් යොමු කළ යුතු බවටයි. ලංකාව නිදහසිසු වැඩිම කාලයක් අනුගමනය කළ මධස්ථ නැතහොත් නොබදිවිදෙස් ප්‍රතිපත්තිය වෙනුවට, තරමක් චීනයට නැඹුරු ඒකාධිකාරි බවක් දැක්වූවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපි දිගින් දිගටම චීනයේ ආයආධාර මත යැපෙමින් සංවර්ධන අරමුණු ළගා කර ගැනීමට උත්සාඟගත්තා. චීනයත් අනකුත් කලාපවල මෙන් තමන්ගේ දේශපාලන, ආර්ථික, ආරක්ෂණ යන ආධිපත්‍යය තහවුරු කිරීමට, තමන්ගේ විදේශ ප්‍රතිපත්තීන්මෙහයවීමට උත්සාහ ගත්තා. මේ තුළින් ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තියකොටසක් බවටම පත්වුණා.

මෙවැනි පසුබිමක් තුළ සිදුවුලකාව අපේක්ෂා කළ ආකාරයේ සංවර්ධනයක් සිදුනොවීමත්, ලබාගත්  ණය දූෂණයට හා නාස්තියට ගොට්ට ආර්ථික අස්ථාවරත්වයක් කරා ගමන් කිරීමටයි. එවැනි කාරණාවන් මත ලංකාවේ මෙවැනි අර්බුදකාරි ගැටලු රැසක් නිර්මාණය වුරා කිවොත් නිවැරදියි. මෙවැනි තත්වයක් තුළ ඉන්දියාව සෑමවීටම උත්සාහ ගනු ලබත් චීනය කෙරෙහි යොමු වී තිබෙන ලංකාව ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ගැනීමටයි. ඒ නිසා මුල් කාලයේදී අපි ආර්ථික අර්බුදවලින් මුදවා ගැනීම සඳහා ඔවුන් විවිධ ක්‍රමවේද අනුගමනය කළා. ඒ අනුව චීනය විසින් දියත් කර තිබුඇතැම් සංවර්ධන ව්‍යාපෘති ඉන්දියානු අභිලාසයන්ට අනුව සකස්කර ගැනීමට පෙලඹුණි. උදාහරණ ලෙස ආදායි සමාගමට කොළඹ වරායේ බටහිරටිය. උතුරු නැගෙනහිර දූපත්වල තිබුණු ප්‍රතිජනනීය බලශක්ති ව්‍යාපෘති යන සියල්ල අහෝසි කරලා ඔවුන් දෙසට නැඹුරු කරගත්තා. ඔවුන් සැමවිටම සිදුකළේ කල දුටු කල වල ඉහ ගැනීම් ක්‍රියාවක්. ඒ හරහා ඔවුන්ලකාව චීනය සමග තිබන ආධිපත්‍යය ගැලවීම සදහා යම් පසුබිමක් නිමය කළා. කෙසේවෙතත් මේ වන විට පවතින අරගලවලට අනුව බටහිර රටවල් ලකාව දෙස බලා සිටින් ප්‍රජාතන්ත්‍රවාදී විනිවිදභාවයකින් යුතු. වගකීම් සහිත යහපාලන ක්‍රමයක් ස්ථාපිත වනතුරුයි. චීනය ගත්තොත් ඔවුන් ලංකාවට සිදුවන දේ පිළිබදව දැඩි අවධානයෙන් සිටිනවා. මෙවැනි වටපිටාවක් තුළ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව හා ඇමරිකාව දක්වන ප්‍රතිචාරයකෙබැඳුද යන්න පිළිබඳව මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාව තුළ ලංකාවේ මේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික රැස්වීමක් පවා කැදවා ඇති බවට වාර්තා වෙනවා. එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානයෙන් සිටි බවටයි.

මෙවැනි වාතාවරණයක් පවතින විට ජාත්‍යන්තර සබදතා අධ්‍යයන ක්ෂේස්ත්‍රයක් තුළ අපි තේරුම් ගත යුතු දේ වන්නේ පශ්චාත් අරගල  ශ්‍රී ලංකාව තුළ දී එනම් නීතිය නැවත ස්ථාපිත කිරීම, නීතිපාලනය නැවත ස්ථාපිත කිරීම, රට සංවර්ධනය කිරීම වැනි කාරණාවන් වලදි අපිට  ජාත්‍යත්තර දේශපාලනය බලපානවා වගේම ජාතික ආඩුකරයේ දැවැන්ත පුළුල් ප්‍රතිසංස්කරයන් අපේක්ෂා කළයුතු බවයි. මෙලස අපරටක් ලෙස අභ්‍යන්තර ප්‍රතිසංස්කරණියත් ගෙනත් යම් ආකාරයකින්ද ඒ අනුව අපිට රටක් ලෙස ලෝකය දිහා නැවත හැබැලීම සිදුකළ හැකියි. විශේෂයෙන් මෙවැනි වාතාවරණයක් පවතින විටකදී අපි කුඩා රටක් බැවින්,

අපිට ආධාර උපකාර කරන චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි බටහිර රටවල් මෙන්ම සෑම රටක් සමගම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යා යුතුයි. මෙහිදී අප වග බලාගත යුතු කරුණ වන්නේ අප කිසිදු රටක ආධිපත්‍යයකට යට නොවී සිට්ය යුතු බවටයි. මෙලෙස ආධිපත්‍යයකට යට නොවී සිටීමට නම් අපි අභ්‍යන්තර සාධක කළමනාකරණය කරගත යුතුය. මේ නිසා අප වේගයෙන්ම කළයුතුවන්නේ ආර්ථික කළමනාකරණයක් සිදුකිරීමයි. මේ සදහා IMF එකසමග යම් සාධනීය සාකච්ඡාවක් පවත්වා, තාවකාලිකව මේ ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය යුතුයි.මේ අවස්ථාවේදී වඩාත් සුදුසු වන්නේ ද්වීපාර්ශවීය ප්‍රවේශයන්ටත් වඩා බහුපාර්ශවීය ප්‍රවේශ ක්‍රමයකට අවතීර්ණ වීමයි. එනම් IMF, ලෝක බැංකුව වැනි මූල්‍ය බැංකු හරහා ගොස් අපේ රටේ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට කඩිනම් පියවර ගැනීමයි. ඒ වගේම ආධාර උපකාරයටත් නිසි  ප්‍රතිපත්තීන් සකස්කර,

රටේ නිෂ්පාදන රටේ ආර්ථික ක්‍රියාවලියගොඩනැටවිය හැකි ආකාරයට පරිවර්තනය කළ යුතුයි.

විශේෂයෙන් සදහන් කළ යුතුවන් රටක් ලෙස අප සෑම වසරකදීම ඩොලර් බිලියන 2ක පමණ ආදායමක් සංචාරක කර්මාත්තයෙන් ලබාගත්තා. සංචාරක ක්ෂේත්‍රය හරහා මෙරට ජාතික ආදායමට පුඵල් දායකත්වයක් ලබාදෙන බව සදහන් කල යුතුයි. ඒ නිසා අපිවහාම කළ යුතු දේවල් හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ස්ථාපිත කරලා, සාම්ප්‍රදායික රටවල් සමග සමීප සම්බන්ධතාවන් යළි ගොඩනගා ගැනීමට පියවර ගැනීමයි. උදාහරණ විදිහට අපි මෙතරම් අර්බුදකාරී තත්වයක සිටි විටකදී පවා රුසියාව සමග ගුවන් යානයක් සම්බන්ධයෙන් යම් ගැටුමක් නිර්මාණය කර ගත්තා. එවැනි ක්‍රියා සිදුනොවීමට අප වග බලා ගත යුතුයි. අපි සැමවිටම ලෝකයට පෙන්විය යුත්තේ ශ්‍රී ලංකාව අලුත් ගමනක් යාමට සූදානම් බවයි.‍තවත් දෙයක් සදහන් කළ යුතුයි.

එනම් නව ජනාධිපතිවරයාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ අප කෙරෙහි අවධානයන් සිටින සාම්ප්‍රදායක හිතවතුන් හා කලාපීය බලවතුන් හා ලෝක බලවතුන් සමග ඉතා සියුම් උපායමාර්ගික ප්‍රවේශයකින් කටයුතු කිරීමට පියවර ගැනීමයි. එහිදී මා විශ්වාස කරන අය වන් හැකිතාක් දුරට බහුපාර්ශ්වීය මූලාශ්‍ර ඔස්සේ රට ගොඩනැගීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ලෝක දේශපාලනය තුළ තිබෙන මහා බලවතුන් හා සුපිරි බලවතුන් අතර තිබෙන අර්බුදයට අපි හැකිතාක් මදිහත් නොවී සිටිය යුතු අතරම මේ හැම පාර්ශ්වයකින්ම ලබාගත හැකිව තිබෙන ප්‍රතිලාභ ලබාගැනීමට අප උපක්‍රමශීලී විය යුතුයි. ඒ හරහා ඉතා වේගයෙන් අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලීන් කර්යක්ෂම කිරීමට පියවර ගත යුතු බවයි මම විශ්වාස කරන්නේ."
(සටහන -හෂිනි හපුආරච්චි)