
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසුව ද වික්‍රමසිංහ මහතා සභාව අමතමින්
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සම්බන්ධ වන්නැයි සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව පැවැසීය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට හෙට (27) ඉදිරිපත් කිරිමට නියමිතය. විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසුව (ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණහොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එය ගැසට් පත්‍රයක් මගින් ද පසුගිය ජුනි මස 24 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval