
මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඒ පිළිබඳ සියලු ඉන්ධන පිරවුම්හල් අද දිනයේ දැනුවත් කරන බවයි.
රට තුළ යළිත් කොරෝනා අවධානම ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන විට සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval