
පසුගිය සිකුරාදා දේශපාලන උවමනාවන් මත හදිසියේ නතර කරන ලද ඉන්ධන සැපයීමේ තීරණය වෙනස් කරමින් අද (10) සිට නැවතත් තම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කරයි.
ත්‍රිකුණාමලය ඉන්ධන බෙදාහැරීමේ පර්යන්තයේ මෙහෙයුම් දිනය පුරාම ක්‍රියාත්මක බව එම සමාගම පවසා තිබේ.
ෙ ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (10) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිතය.
මීට අමතරව හෙට (11) සහ ලබන 16 යන දිනයන් වලදී ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් මෙරටට පැමිණීමට නියමිතය.
ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් මෙම මාසය තුළ දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇති බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.