
ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම, රඹුක්කන අයි.ඕ.සී. ඉන්ධන පිරවුම් හල තුළ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථයට නියමිත ප්‍රමාණය ඉක්මවා ඩීසල් පොම්ප කිරීමට ඉන්ධන හලේ පොම්පකරුට සිදුවීම සම්බන්ධයෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී මෙම වංචා සහගත ක්‍රියාව හෙළිකර ගැනීමට හැකි වී තිබේ.
සාමාන්‍යයෙන් ඩීසල් ත්‍රිරෝද රථයක ඉන්ධන ටැංකියකට පිරවිය හැකි ධාරිතාව ලීටර් 9 ක් බවත්, ව්‍යාජ ලෙස තැනූ ඉන්ධන ටැංකියට ලීටර් 19 ක් පිරවිය හැකි ලෙස සකස් කර තිබූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම අටලුගම පදිංචිකරුවෙකි. සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය, උප පොලිස් පරීක්ෂක මධුසංඛ, පොලිස් සැරයන්(37199) සම්පත් යන නිලධාරීන් පිරිස පරීක්ෂණ පවත්වති.

Comments
Post a Comment
Your comment will be visible after approval