ceb-bill-new-method

පවතින කඩදාසි හිඟය නිසා විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරන බව  ලංකා විදුලිබල මණ්ඩලය දන්වා තිබේ.
ඒ අනුව විදුලි බිල ලබාදීමේ විකල්ප ක්‍රම කිහිපයක් හඳන්වාදී ඇත.
1) එස් එම් එස් මගින්
2) ඇප් එකක් මගින්
3) ඊමේල් මගින්
4) අත්‍යවශ්‍යම හෝ  ඉහත ක්‍රම නොතේරෙන අයට thermal printed bills



විස්තර මෙසේය.

1)
කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

2)
CEBCare ජංගම දුරකථන යෙදුම - CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

3)
ඊමේල් ඔස්සේ විදුලි බිල ලබාගැනීමේ ඊ – බිල් (e-Bill) සේවාව ආරම්භ කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ විදුලි පාරි‍‍භෝගිකයනට ebill.ceb.lk වෙබ් අඩවියට පිවිස ඉ-බිල් සේවාවේ ලියාපදිංචි විය හැකිය.
ඊට අමතරව ජංගම දුරකථනයෙන් EBILL (SPACE) ACCOUNT NUMBER (SPACE) EMAIL ලෙස ටයිප් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද මෙම සේවාවේ  ලියාපදිංචි වීමට හැකියාව ඇත.

4)
ඉහත ක්‍රම වලට අනුගතවීමට එක්වරම අපහසු නැතහොත් වෙනත් අවශ්‍යතා ඇති අය වෙනුවෙන් පමණක් සුපිරි වෙළෙඳසල්වල නිකුත්කරන ආකාරයේ මුද්‍රිත තුණ්ඩු (thermal printed bills) නිකුත් කරන අතර මාසික මනු කියවන්නන් අමතා එවැනි බිල්පත් ඉල්ලුම් කළ හැකිය. ඉල්ලීම් කරන අයට පමණක් ලබාදෙනු ඇත.