ජුනි 28 වනදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජූනි 28 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් එහි රැඳවියන් 500කට අධික පිරිසක් එම ස්ථානයෙන් පළාගොස් තිබුණා.
ජූනි 29 දිනට පසු දින පොලිස් හා ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් රැඳවියන් 200 කට අධික පිරිසක් පොලිස් භාරයට ගෙන ඇත.
පුනරුත්ථාපන කාර්යාංශයේ අත්අඩංගුවේ සිටි රැඳවියෙකුගේ සැක කටයුතු මරණයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) කණ්ඩායමක් පොළොන්නරුව, කන්දකාඩු ප්‍රදේශයට පිටත්ව ගියේය.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය යනු අධිකරණ අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා වූ පුනරුත්ථාපන ආයතනයකි.


Comments
Post a Comment
Your comment will be visible after approval