
අද දින අරගලය අතරතුර දෙරණ ටීවී නාලිකාවේ ප්‍රධාන කාර්යාලය වෙත අරගලකරුවන් පිරිසක් ඇතුළුවූ අතර ඔවුන් දන්වා සිටියේ පක්ෂපාතී මාධ්‍ය කලාව නතර කරන ලෙසයි.
මේ දක්වා රාජපක්ෂ රෙජිමය මතුකරන්නට දැක්වූ පක්ෂපාත කලාව නිසා රටට වූ හානිය ගැන සමාව ගන්නා ලෙසයි.
දෙරණේ ප්‍රතිචාරය වී ඇත්තේ එවැනි සමාව ගැනීමක් කළ නොහැකි බවත් විකල්ප අදහස් ඇතිනම් නාලිකාව තුලින් සජීවී වැඩසටහනක් ලබාදී අදහස් පළ කරන්නට අවස්ථාවක් දෙන බවයි. ඒ අනුව හිමිනමක ඇතුළු සිව්දෙනෙකු සවස 4.30 පමණ සිට දෙරණේ සජීවී වාඩසටහනකට එක්කාසු කරගෙන තිබිණි. ඔවුන් දෙරණේ ක්‍රියාවන් එහිදී දැඩිව විවේචනය කරන්නට විය.
Comments
Post a Comment
Your comment will be visible after approval