gotabaya-ranil-resigned

අද සවස කතානායක නිල නිවසේ පැවති විශේෂ පක්ෂ නායක හමුවට ඇතැම් පක්ෂ නායකයින් පැමිණි අතර ඇතැමුන් සූම් ඔස්සේ සම්බන්ධ විය.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලිකව සතියකට ජනාධිපති ධුරයේ වැඩ බැලීමටත් තීරණය කර තිබේ.
මෙම සතියක කාලය තුළ ඉදිරි අන්තර්වාර සර්වපාක්සික ආන්ඩුවකට අවශ්‍ය කටයුතු සූදානම් කර අනතුරුව මාස 6 ක්හෝ වසරක් වැනි කෙටි කාලයකට අන්තර්වාර පාලනයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර පාර්ලිමේන්තුව වගකියන අගමැතිවරයෙකු හා කැබිනට්ටුවක් යටතේ ප්‍රශ්න විසඳන්නටත් අනතුරුව මහමැතිවරණයක්  පවත්වා විධිමත් නායකයින් පත්කරන්නටත් තීන්දු කර තිබේ.


මෙම පක්ෂ නායක හමුවේදී අගමැතිවරයාට ඉවත් වන්නට කළ යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟවී නැතැයි මුලින් වාර්තා වුවද අගමැති රනිල් ඊට එකඟවූ බව සවස 5.50 ට පමණ දන්වා සිටියේය.

මින් ඉහත ජනපති දන්වා තිබුනේ ඕනෑම තීරණයකට එකඟ බවයි.
කෙසේ වෙතත් මෙම තීරණ සියල්ල ජනපතිට හා අගමැතිට ලිඛිතව දැනුම්දී බහුතර මතය අනුව කටයුතු කරන බව කතානායකවරයා දන්වා තිබේ.
අරගල භුමියෙන් වාර්තාවන්නේ ජනපතිගේ හා අගමැතිගේ ඉවත්වීම නිල වශයෙන්  නිවේදනය කරනතුරු ඔවුන් ජනපති මැදුරෙන් හා ලේකම් කාර්යාලයෙන් ඉවත්ව නොයන බවයි.