
සංචාරක ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායමට හිමි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 212 ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රෙලියා කණ්ඩායම 321 ක් ලබා පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් නමුත් ඕවර 22.5 ක් පමණක් ක්‍රීඩා කර ශ්‍රී ලංකාව අද ලබාගත්තේ ලකුණු 113 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රෙලියාව පසුකර ලබා ගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. ඔස්ට්‍රෙලියාව කිසිවෙක් නොදැවී පිළිතුරු ඉනිම සඳහා වූ ලකුණු 10ක ඉලක්කය ඉතා පහසුවෙන් පසු කළේය.
මුරලි වෝන් කුසලානය වෙනුවෙන් පවත්වන තරග දෙකකින් යුතු තරගාවලියේ 1-0 ලෙස ඕස්ට්‍රෙලියාව ඉදිරියෙන් සිටී.
ලකුනු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval