ceb-message

ඉන්ධන ප්‍රශ්න නිසා හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත්කිරීමට වෙනදාට වඩා කල්ගතවනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයකින් දන්වා සිටියි.
නිවේදනය පහත පරිදිය.




වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයටද අභියෝගයක්ව ඇත.  විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇත.
ඒ හේතුවෙන්, හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙමු.
සම්පත් සීමිතවීමේ අභියෝගය ලංවිම පාලනයෙන් බැහැර කරුණක් වුවද, පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට අප සැමවිටම කැපවී සිටිමු.

ස්තූතියි,
ඉංජිනේරු ඩි.සි.ආර්. අබේසේකර
වැඩබලන සාමාන්‍යාධිකාරි
ලංකා විදුලිබල මණ්ඩලය