Ball-theft-by-Galle-Pedestrian-which-ended-the-second-day-of-the-Test-match

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය වූ අද ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට පෙර  ඊයේ 2 වන දිනයට ක්‍රිකට් තරගය පවත්වා ඉවර කරන්නට ගිය අවස්ථාවේ සවස ගාල්ල ක්‍රිකට් පිටියේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් මතුව තිබේ. ඒ වූ කලි ‘පන්දු සොරකමකි‘. වාර්තාවන ආකාරයට සිදුවීම මෙසේය.
ඕස්ට්‍රෙලියාව සිය පළමු ඉනිමේ කඩුළු 8 ක් දැවී ලකුනු 307 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 95 ක් ඉදිරියෙන්  ක්‍රීඩා කරමින් සිටි අතර
තරගයේ  69 වන පන්දු ඕවරය යවමින් සිටියේ වැන්ඩසේය. ඔහුගේ ඕවරයේ අවසන් පන්දුවට ඕස්ට්‍රෙලියානු පිතිකරු දැවැන්ත 6 පහරක් එල්ල කළේය. එය ඉහළින්ම ගොස් වැටුනේ ගාලු කොටු පවුරත් ක්‍රීඩා පිටියත් අතරින් දිවෙන පාරටය. බිම වැටුණ රතු පැහැති පන්දුව අහුලන්නට කිසිවෙකු නොසිටි අතර පාරේ ගමන් කරමින් සිටියේ ජොගින් ව්‍යායාමයන්හි නිරතවෙමින් ඇවිද යමින් සිටි මැදිවියේ පුද්ගලයෙකි. ඔහු පන්දුව දුටු අතර වහාම ඒ වෙත ගොස් එය අහුළාගත්තේය.


නමුත් ඔහු එය අහුළා භාරදීම වෙනුවට සිදු කළේ කලිසම් සාක්කුවේ දමාගැනීමයි. පසුව කිසිවක් සිදු නොවූ ගාණට ඔහු එය රැගෙන දිගටම ඇවිද ගියේය. ඔහු එය අහුළනු පාරේ සිටි කිසිවෙකු දකින්නට නොලැබුණ නමුත් රූපවාහිනී කැමරාවට ඔහු එය රැගෙන ගමන් කරනු හසුවිය.
සැබැවින්ම ඔහු කළේ සොරකමකි.
එම අවස්ථාවේ තරගයේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරයේ යෙදුණ දෙන්නා සිනහසෙමින් ‘පන්දුව පදිකයෙකු සොරකම් කර රැගෙන ගිය හැටි‘  ගැන කථා කළේය.
ඒ අවස්ථාව වනවිට පිටියේ ආලෝකය අඩුවෙමින් පැවතීමත් අහිමිවූ පන්දුව වෙනුවට නව පන්දුවක් ලබාදීමට කාලයක් ගතවීමත් මත විනිසුරුවන් මෙම තරගය ඊයේ දිනට නතර කරන්නට තීරණය කරන ලදි.
සිදුවීම අවස්ථාවේ වීඩියෝව පහතින්