r-kelly-30-year-prisoned

සුප්‍රකට ඇමරිකානු ගායක ආර් කෙලීට ලිංගික අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වසර 30ක සිර දඬුවමක් නියම කර තිබේ. කෙලීට කාන්තාවන් කිහිප දෙනෙකු විසින් ලිංගික අපයෝජන චෝදනා එල්ල කර තිබුණි. 

මෙම චෝදනා සත්‍ය බව විමර්ශනයේදී හෙළි විය. ඉන් පසුව 55 හැවිරිදි මෙම ඇමරිකානු තරුව අධිකරණය මගින් දඬුවමකට යටත් කර තිබෙයි. කෙලීට චෝදනා කළ බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔහුගේ රසිකාවියන් වීම විශේෂිතය. කෙලී බලහත්කාරයෙන් ඔවුන් වැඩිදෙනෙකු අපයෝජනය කර ඇත.
ඔහුට එරෙහිව පැවති නඩු 9 ක් සම්බන්ධයෙන් නඩු විභාග වසර 20 ක් තිස්සේ පැවති අතර අවසානයේ වරදකරු විය.
ආර් කෙලීට එරෙහි නඩු විභාගය පසුගිය වසර 20 පුරා පැවතුනි. සාක්ෂිකරුවන් 45 දෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඔහු නඩු 9කට වැරදිකරු වී තිබෙයි. නඩු කිහිපයක් තවමත් විමර්ශනය වෙමින් පවතී. මෙම නඩු වලදී වැරදිකරු වුවහොත් කෙලීගේ දඬුවම තවත් වැඩි විය හැකිය.



ආර් කෙලීට එල්ලවූ එක් චෝදනාවක් වන්නේ අවුරුදු 15 ක ගැහැණු ළමයෙකු විවාහ කර ගැනීමයි. ඔහුගේ මේ විවාහය ලෝකයාගෙන් වසන් කර තිබූ අතර උසාවියේදී එය දැරියට ලිංගික අතවරයක් බව නිගමනය විය. මෙම විවාහය නීත්‍යනුකූල නොවන ලෙස සිදු කරන්නට ආර් කෙලී සිය කළමනාකරුගේ සහය ඇතිව නිලධාරීන්ට ද අල්ලස් ලබාදී ඇති බව විමර්ශනයේදී අනාවරණය විය.

හොලිවුඩ් තරුවකට ලිංගික අපචාර චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරත් මෙවැනි අවස්ථාවල විශාල තරු රැසකගේ නම් මතුවී තිබෙයි. හාවි වෙයින්ස්ටයින්, කෙවින් ස්පේසි, බිල් කොස්බි සහ ජොනී ඩෙප් වැනි හොලිවුඩ් නළුවන්ට ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ල වී තිබේ. මයිකල් ජැක්සන්ටද 1993 වසරේදී ළමයින්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය.