
රජයේ ප්‍රධානතම පුවත්පත් ආයතනය වන ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ජනපතිවරයාගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දැනට අතිශය පාඩු පිට පවත්වා යන ලේක් හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් බව අද දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතනය ඈවර කිරීමටද යෝජනා වී තිබේ.
පැරණි ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුකුලක් බැවින් මෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම අරමුණ වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම අනූනව අවුරුදු බදු යටතේ ලබා දී ඇති අතර එම බදු කාලයද ලබන වසරේදී අවසන් වීමට නියමිතය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සීයා වන ඩී.ආර්. විජයවර්ධන මහතා ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවරයා වන අතර එය 1972-1977 සිරිමා බණ්ඩාරනායක අගමැති සමයේ රජයට පවරාගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval