
බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ සිද්ධියකින් පාතාල නායකයකු ව සිටී "සොත්ති උපාලි"නමැත්තාගේ බාල පුත්‍රයා මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
පිහි ඇනුමකින් මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් "ගයියා" නමැති විසිහත් හැවිරිදි පුද්ගලයෙකි.
මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (25) සිදු කරනු ඇතැයි ද පොලිසිය පවසයි.
(නිමන්ති රණසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval