bandula-sudewa-resign

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබෙයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දන්වා ඇත.


අගමැති රනිල් ඉවත්වීම සිදුවන්නට නියමිත පසුබිමක ඇමතිවරුන් වෙනවෙනම ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන අතර ව්‍යවස්තාව අනුව අගමැතිවරයෙකු ඉල්ලා අස්වීමකදී සියලු අමාත්‍ය තනතුරු අහෝසිවේ. ඒ අනුව බන්දුල පමණක් නොව අනෙක් සියලු ඇමතිවරුන්ගේ ධූරද අහෝසිවී යනු ඇත.

මේ අතර සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත  ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති අතර එය මාධ්‍ය වෙත හුවමාරු කර ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ තනතුරින් ඉවත්වීම සමග ඔහුගේ කාර්ය මණ්ඩලයේ දේශපාලන පත්වීම් ලද සියලු දෙනාගේ තනතුරුද ඉබේම අහෝසිවන අතර වෙන වෙනම ඉවත්වීමට අවශ්‍ය නොවේ.