ranil-house-tear-gas

කොළඹ රාජකීය විදුහල ආසන්නයේ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහෙගේ පෞද්ගලික නිවස අසල පැවැති විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියෙන් අධී පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදි.
රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ආසන්නයේ පැවති විරෝධතාවය ආවරණය කිරීම සඳහා ගොස් සිටි සිරස TV News First කණ්ඩායමේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද මෙහිදී  ප්‍රහාර එල්ලකොට තිබුණි.
අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට අදිමදි කරන ස්වරූපයක් සවස වාර්තාවූ නිසා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් මේ විරෝධතාකරුවන් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේ අද සවස 5.00 ට පමණය.
තමන් තනතුරින් ඉවත්වන්නට සූදානම් බවට සවස 5.50 ට පමණ සිය මාධ්‍ය අංශය ඔස්සේ රනිල් දැනුම් දුන් අතර 6.43 ට ට්විටර් ඔස්සේද දන්වා සිටියේය.
කෙසේ වෙතත් පසුව සවස 7 ට පමණ උඩුගත කළ වීඩියෝවකින්  කියා සිටියේ තමා ඉවත්ව යන්නේ වෙනත් නායකයෙකු නම් කර ඔහු වැඩ භාරගත් පසුව බවයි.