
ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව සතවත් සති 2 කින් පමණ 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
රටෙහි වත්මන් 'ආර්ථික තත්ත්වය', තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන Innovative Production Group FZE (IPG) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval