
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.
‘ඊයේ පක්ෂ නායක හමුවට ගියා මම . ඒත් ගියාට වඩා නොගියනං හොඳයි කියල හිතුනා.මේ අයද නායකයො වෙන්න හදන්නෙ කියල හිතුනා. කුලල් කාගන්නව තනතුරු වලට. මං අවුරුදු 31 ක් දේශපාලනේ ඉන්නව මෙහෙම තත්වයක් දැකල නැහැ.
පාර්ලිමේන්තුවෙ ඉන්න 225 න් තමා ඉතිං කෙනෙක් තොරගන්න වෙන්නෙ. පිටින් ගන්නත් බැහැනෙ. පිටින් එනවනං ජාතික ලැයිස්තුවෙන් එන්න ඕන.
ඊළඟට ජනපති මන්දිරයේ, අරලිය මැදුරේ ඒවගේම ලේකම් කාර්යාලයේ දැන් පිරිස රැඳී ඉන්නවා. ඇතැම් වටිනාකම් තියෙන දේවල් ඔවුන් විනාශ කරල තියනව දැක්කාම දුක හිතෙනවා. ඔතන හරිම වටින චිත්‍ර තියනවා.තෙල් නැව් 10 ක් ගෙන්නන්න පුලුවන් වටිනාකමක් තියෙනචිත්රයකුත් තියනවා. ඕව කවුරු හරි උස්සං ගියොත් ඉවරයි. මං මේක කිව්වාම හොරකං කරයිද දන් නැහැ. මේ වෙච්ච දේවල් ගැන කණගාටුයි.‘
Comments
Post a Comment
Your comment will be visible after approval