kandy-passport-police-nabbed

හිටපු ඇමති ධම්මික පෙරේරාගේ සංකල්පයකට අනුව මහනුවර පාස්පෝට් නිකුත් කිඑීමේ එක්දින වැඩසටහනක් පසුගියදා ඇරඹුන පසුව ඇතුලේ ජාවාරම් වැඩද පුද්ගලයින් ආරම්භ කර ඇති පුවතක් වාර්තා විය.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින් රුපියල් 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිරිසක් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලීසියට භාරදී තිබේ.



එක් දින සේවය යටත්විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සීමාසහිත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් දෙනිකව මහනුවර කාර්යාලය මගින් නිකුත්කෙරෙන අතර එම ඉල්ලුම් පත්‍ර කිහිපයක් සැකකරුවන් විසින් කාර්යාලයෙන් ලබාගෙන ඒවා මුදලට අලෙවි කර තිබෙන බව පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 40,000 - 50,000 මාතර මුදලක්ද සාමාන්‍ය ක්‍රමය යටතේ විදෙස් ගමන බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 6000ක මුදලක්  ද සැකකරුවන් ලබාගෙන තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියකගෙන් අත්තිකාරමක් ලෙස රුපියල් 25,000ක මුදලක් ලබා ගනිදදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ සිටි තරුණියන් පිරිසක් විසින් සැකකරුවන් තිදෙනෙකු අල්ලාගෙන තිබේ.



සැකකරුවන් තිදෙනා අතර ආගමන විගමන කාර්යාලයේ කලක් සේවය කළ බව කියන පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථ රියදුරකු සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටින බවද පොලීසිය පවසයි. මේ අතර සැකකරුවන් විසින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියගෙන් ලබාගත් රුපියල් 25,000ක මුදල ඔවුන් අල්ලාගත් තරුණියන් විසින් නැවතත් එම තරුණියට ලබාදී තිබේ. ඉන් අනතුරුව සැකකරුවන්ට කිසිදු ආකාරයක නීතිමය පියවරක් නොගෙන සැකකරුවන් එම ස්ථානයෙන් මුදා හැරීමට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරින් උත්සාහ කර ඇති අතර ඊට එම ස්ථානයේ සිටි තරුණියන් දැඩි විරෝධය දැක්වීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරින් පිරිසක් පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

(ෂේන් සෙනවිරත්න)