
මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මසකින් පමණ කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටිනවා. පවතින තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කර සිටියේය.
එමෙන්ම 2021 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අගෝස්තු මස 15 වෙනිදා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී ඇමතිවරයා සඳහන් කර සිටියේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසැල් ඇතැම් කාල සීමාවන් හිදී වසා තැබීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් විභාග පැවැත්වීම දුෂ්කරවූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
මේ වන විට පවතින ඉන්ධන ගැටලුව හමුවේ පාසැල් පැවැත්වීම විටින් විට බාධා එල්ලවී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval