Signs-of-disruption-to-transport-throughout-the-island-from-Monday

බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා (04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  පවසයි.


පසුගිය සතියේ තමන් අවම වශයෙන් අඩුපාඩු පිරිමසා ගත්තේ පොදු ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම නිසා වුවද මේ වනවිට එය ප්‍රමාණවත් නොවන මට්ටමට පැමිණ ඇතැයි ඔහු දන්වා සිටියි. සෙනසුරාදා ධවනයකර ඇත්තේ පෞද්ගලික බස් රථ 05%ක් පමණක් බවද ඔහු කියා සිටියේය.
වාර්තාවන ආකාරයට ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යොදවනු ඇත. නමුත් දිවයින පුරා ගමනාගමනය සඳහා එය ප්‍රමාණවත් නොවිය හැකිය.
දුම්රිය ධාවනය සඳහා පැමිණෙන සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ගැටලු මත මේ වනවිට අඩාලවී ඇත.