අද දින පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

ඔය ගෝල්ෆේස් සටන මුල් කාලෙ හරි ඕගනික් සටනක් කාබනික ගොවිතැන වගේ දෙයක් එතැන තිබ්බෙ. දැන් රසායනික ගොවිතැනත් නෙමේ මොකක්දෝ අමුතු එකක් වෙලා. කුඩු කාරයින්ගෙ තෝතැන්නක් වෙලා.
ඒක මහ පුදුම කතාවක් නැත්නම් අයිඑම්එෆ් එක එද්දි මුදල් අමාත්‍යංශෙ දොර වහන්න යන්නෙ නෑනෙ. අයිඑම්එෆ් ධූත කන්ඩායම එනකොට ජනාධිපති ලේකම් කාර්යාලෙ ඉතිරි දොරත් වහන්න යන්නෙ නෑනේ.
ඒ කියන්නෙ අයිඑම්එෆ් එක එනකොට කියන්න ඕන ගැටුම් බහුලයි.. රට අස්ථාවරයි..ඒ නිසා උඹලා දෙන එකත් දෙන් නැතිව පළයල්ලා.

කියල ඒ පණිවිඩේ දෙන්නෙ. දැන් මේ අර ගෝල්ෆේස් අරගලේ කියන එකේ මුලින් තිබිච්ච සුජාත භාවය දැන් තියනවා කියල කවුරුවත් හිතන්න ඕන නැහැ. එතැන දැන් පට්ට තක්කඩි ටිකක් රට අරාජක කරන්න පිස්සු නටනවා. මං දන් නැහැ මේ මොකට බලන් ඉන්නවද කියලා.
හැබැයි එක වෙලාවක ඔය මේ තත්වෙට පත්වෙන්න කලින් ඔය කියන ගෝල්ෆේස් අරගලේ තිබුණ වෙලාවෙ. මං මේ ගෝල්ෆේස් අරගලේ ඉන්න ඉතාම සත්භාවයෙන් ඉන්න පිරිස මං කිසිසේත්ම බැහැර කරන්නෙ නැහැ. හැබැයි දැන් ඒ අය මට නං පේන්නෙ නැහැ. අනාගතේ ඡන්දෙ ඉල්ලන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක් දැන් ඔතන්ට හැන්දෑවට ඇවිල්ල රඟපානව ඉඳල හිටලා.


එක වෙලාවක මං දැක්ක පොලිස් ට්‍රක් රථ වගයක් ඔය අරගල භූමියට ගෙනල්ල තිබ්බා. පස්සෙ හොයල බැලුවම දැනගත්තා ඔය පොලිස් ට්‍රක් රථ ටික ගෙනල්ලා තිබ්බෙ ඔය ඉන්න දෙතුන් සීය හරි පන්සීය හරි දාගෙන අරගෙන යන්න කියලා.
හැබැයි ඒක එකපාරටම නතරවුණා. මං කියන්නෙ අරගෙන ගියා නම් හොඳයි කියල නෙමෙයි.
පස්සෙ මං දැනගත්තා ඇමරිකානු තානාපතිතුමිය අර ප්‍රබල ඇමතිතුමාට කතා කරලා කිව්වලු ඕගොල්ලො හදන්නෙ අරගලේ ඉන්න අය කුදලගෙන යන්නද කියල. එතකොට ඇමති තුමා ඒක දැනගෙන ඉඳල නැහැ. එහෙම ප්ලැන් එකක් ගැන ඇමතිදන්නෑ කිව්වලු. හැබැයි ඒක කළොත් අයිඑම් එෆ් ප්‍රොග්‍රෑම් එකෙන් යන්න වෙයි කියලා තානාපතිතුමිය කිව්වලු. ඒ නිසාලු වහාම ඒ වැඩේ නතර කළේ..දැන් අපි අයිඑම්එෆ් එකට විතරක් ගැටගහල.. වෙන විකල්ප නැහැ‘

අදාළ කථාවේ හඩපටය පහතින්