
නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක් ශ්‍රී ලංකාව පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය.
"නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි" යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළේය.
බදාදා ගොඩබෑමට බලාපොරොත්තු වූ බැර ඉන්ධන තෙල්/උදුනතෙල් සඳහා අඟහරුවාදා ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බවත් ඒවා බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා බවත් ඔහු එහිදී පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ දින 75 ක සැලසුම් කළ නඩත්තු කටයුතු හේතුවෙන් එහි ඒකක තුනෙන් එකක් පසුගිය සතියේ අක්‍රිය විය.
වසා දැමීමට පෙර, මාර්තු මාසයේ පැය 13 ක් තරම් ඉහළ මට්ටමක පැවති විදුලි කප්පාදුවේ කාලය පැයක් දක්වා අඩු කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval