wednesday29-protest

හෙට 29 බදාදා උදේ 10ට ජනතා අරගලයේ නැවත සාමූහික නැගී සිටීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වෙයි.


ගෝ හෝම් ගෝටා හැෂ් ටැග් එක යටතේ මෙම විරෝධතාව ගැන කියැවෙන තොරතුරු සඳහන් කරන්නේ එම වේලාවක වාහනයක ගමන් කරමින් සිටින්නේ නම් වහාම වාහන නවතා විරෝධය පළ කරන ලෙසයි. එසේම වාහනයක නොසිටින අයට පාර පැමිණ කළු හැදගෙන විරෝධය දක්වන ලෙස එම සටහන් වල දැක්වේ.


මෙම සමාජ මාධ්‍ය සටහන් කෙරෙහි තවම පොලිස් නිවේදනයක් නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

පැවැත්වීමට නියමිතව තිබෙන විරෝධතාවයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම් දීමක් නිකුත් කර ඇති අතර නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති රථවාහන විරෝධතාවයක් පිළිබඳව තොරතුරු ඇති බවත්
මේ හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.
අදාළ සටහන් හා ඇමරිකානු තානාපති කාර්යාල නිවේදනය මේ සමග පළවේ.