media-fuel-crisis

රට තුළ ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රවාහනය, සෞඛ්‍ය, ගුවන් සේවා, දුම්රිය, වරාය සහ ආරක්ෂක අංශ අත්‍යාවශ්‍ය සේවා ලෙස හඳුනාගෙන ඇත. රෝහල්වලට අවශ්‍ය ඉන්ධන මේ වනවිට බෙදාහරිමින් පවතින බව වාර්තා වේ. රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මාධ්‍ය මෙම අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇතුළත් නොවේ.



කෙසේ වෙතත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට කියා සිටියේ මාධ්‍ය තුළ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පමණක් අවශ්‍ය ඩීසල් බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන වල සියලු කටයුතු වලට ඉන්ධන හා විදුලිය අවශ්‍යවීම නිසා සේවකයන් ගෙන්වීමේ දුස්කරතා මෙන්ම පැය කිහිපයක ජනන යන්ත්‍ර මගින් පවා අවශ්‍යතා සපුරාලීමට බැරිව විකාශන කටයුතු නතර කරන අවදානමක්ද මතුව තිබේ.