wasim-akram-shanara-wife

මේ දිනවල ඉන්දියාවේ මෙන්ම පකිස්තානයේ ක්‍රිකට් ලෝලින් අතර රැල්ලක් මෙන් පැතිර යන වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ සිය ඕස්ට්‍රේලියානු බිරිඳගේ පන්දුවකට වසීම් අක්‍රම් හයේ පහරක් එල්ල කරන අයුරුයි.රාත්‍රී භෝජන සංග්‍රහයකදී පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයා අවුරුදු 18ක් බාල බිරිය ශනායාරාට පහර දෙන මෙම වීඩියෝව ටිත කලකට ඉහත පටිගතවූවක් වන නමුත් රැල්ලක් බවට පත්වූයේ මෑතකය.
56 හැවිරිදි වසීම් අක්‍රම් විවාහ වී සිටින්නේ තමාට වඩා අවුරුදු 18ක් බාල ශනායරා සමඟයි. වසීම් සහ ෂනායාරා හමුවූයේ ඕස්ට්‍රේලියාවේ පැවති කණ්ඩායම් රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදීය. වසීම් දුටුගමන් ශනායාරට හිත දුන්නේ ය. ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණේ 2011 වසරේදීය. 2013 දී දෙදෙනාම විවාහ විය. දෙන්නාට දියණියකද සිටී.
ශනායරා වසීම් අක්‍රම්ගේ දෙවන භාරියාවය. වසීම්ගේ පළමු විවාහය 1995 වසරේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මනෝ උපදේශීකා හුමා මුෆ්ටි සමඟ සිදුවිය. දිගු කලක් රෝගාතුරව සිටි හුමා 2009 වසරේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය. වසීම් අක්‍රම්ට ඔහුගේ පළමු බිරිඳගෙන් පුතුන් දෙදෙනෙක් සිටිති.
මෙල්බර්න් හි වාසය කරන දෙවන බිරිය ෂනායාරා වෘත්තියෙන් මහජන සබඳතා විශේෂඥයෙක් විය. 2011 වසරේදී වසීම් මෙල්බර්න් නුවරට ගියේ තරගයක විස්තර විචාරයක් සඳහාය. එහිදී ඔහුට ෂනායරා හමුවිය. අවුරුදු 2ක් පෙම් කර දෙන්නා විවාහ විය.

පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් විදෙස් රටවල කාන්තාවන් හා විවාහ වී ඇත. පාකිස්තානයේ හිටපු නායක සහ අගමැති ඉම්රාන් ඛාන් විවාහ වූයේ ද බ්‍රිතාන්‍යයේ ජැමිනා ගෝල්ඩ්ස්මිත් සමඟයි. කෙසේ වෙතත්, පසුව ඔවුන් දික්කසාද විය. මේ හැර ෂහීඩ් අෆ්රිඩි විවාහ වී සිටින්නේ ඉන්දියාවේ සානියා මිර්සා සමඟයි.
රැල්ලට ගිය වසීම් හා බිරියගේ වීඩියෝව පහතින්