sajith-yellow-team

ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩාම් අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන අවස්ථාව නරඹන්නට පිටියට ගිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් කහපාට අඳින්නට තීරණය කළේ ඔවුනගේ ප්‍රශස්ථ උවමනාවකට බවත්

එම ශ්‍රේෂ්ඨ අදහස තමන්ගේ එකක් කරගෙන ක්‍රිකට් රැල්ල තමන්ගේ වාසියට ලේබල් කරගන්නට බංකොලොත් පොහොට්ටු කන්ඩායම උත්සාහ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේය.



රැස්වීමක් අමතමින් ඔහු සඳහන් කළේ කහපාටින් ඇඳ ප්‍රේක්ෂකයින් ඕස්ට්‍රෙලියාවට ගෞරව දැක්වීම තමා අගය කරන බවත් එම රැල්ල ඉහළ යන බව දුටු බංකොලොත් දේශපාලකයින් එය තමන්ගේ වාසියට පත් කරගෙන එයින් එල්ලී ගොඩයන්නට පහත් පෙළේ උත්සාහයක නිරතවූ බවයි. නාගරාජ ඇඳිල්ල සිදුකළ මාධ්‍ය කණ්ඩායම් ඇතුළු පිරිසක් මෙය පසුපස සිටි බවත් රාජපක්ෂගෙන් පොහොට්ටුවේ කැඩුන පිරිස තමන්ගේ පාට කහපාට කියමින් මෙම පටු අරමුණට කටයුතු කළ බවත් කීය.
(මින් ඉහත තමන් කහ කණ්ඩායම යයි කියා සිටියේ ඩලස් ඩිලාන් ප්‍රමුඛ පොහොට්ටු පිලයි)
අදාළ කතාව පහතින්