
ටෝකන් ක්‍රමයක් යටතේ ඉන්ධන බෙදා හැරීමට ලියාපදිංචිය අද උදේ සිට ආරම්භවී ඇත. හමුදාව සහ පොලීසිය එක්ව ඉන්ධන පිරවුම්හල්වල රියදුරන්ගේ දත්ත ලබාගෙන ටෝකන් නිකුත් කිරීම ඒ අනුව ආරම්භ කර තිබෙයි.
මෝටර් සයිකල් හා ත්‍රී රෝද රථ ලියාපදිංචිය සිදුවූවද අනෙක් මෝටර් රථ සඳහා ලියාපදිංචිය උදෑසන ඇරඹුනේ නැත. මෙහිදී වාහනයේ ලියාපදිංචි අංකය, නම, ප්‍රදේශයට අදාළව ටෝකන් අංකයක් නිකුත් කරන අතර එක් අයෙකුට තැන් දෙකක ලියාපදිංචි විය නොහැකි ලෙස දත්ත ගොනු කරන බව දන්වා ඇත.
කෙසේ වෙතත් අංක ලබාගන්නා නමුත් ඉන්ධන ලබාදීමක් බොහෝ පිරවුම්හල් වල සිදුනොවන අතර නැව එනතුරු අපෙක්ෂාවෙන් සිටී. සංඛ්‍යාලේඛන අනුව ඉන්ධන පිරවුම් හල් තුනෙන් එකක් මේවනවිට වසාදමා තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval