කොළඹ නාගරික බලප්‍රදේශය තුළ අක්කර 600ක භූමි ප්‍රමාණයක කෙටි, මධ්‍ය හා දීර්ඝකාලීන ඵලදාව නෙළාගත හැකි ආහාර භෝග වගා කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබේ. 

ඒ අනුව මේ පිළිබඳ වූ දැනුම ඇතුළු අනෙකුත් තොරතුරු කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවිය සහ මෙම ව්‍යාපෘතිය සඳහා සකස් කර ඇති 'Urban Harvest by CMC’ ෆේස්බුක් පිටුව හරහා ලබාගැනීමේ හැකියාව පවතින බව එම නගරාධිපතිනී රෝසි සේස්නානායක මහත්මිය පැවසුවාය.

  ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ජනගහනයෙන් 60%ක් පමණ අඩු ආදායම්ලාභීන් වීම හේතුවෙන් කඩිනම් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඒ හරහා තම ගෙවතුවල, කාර්යාල භූමිවල සහ ඉඩ ඇති සෑම බිමකම අත්‍යවශ්‍ය ආහාර භෝග වගා කිරීම නගරවාසීන් දිරිමත් කිරීම සහ කොළඹ නගරය ස්වයංපෝෂිත නගරයක් බවට පත් කිරීම අරමුණු කෙරෙන බවයි. මෙම වැඩසටහන ස්වේච්ඡා වෘත්තීයවේදීන්, සමාජ සවිබල ගැන්වීමේ සංවිධාන සහ පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. එසේ මේ යටතේ සහන සේවා සහ සහනාධාර අවශය දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර කූපන් පත් බෙදාදීම, ක

ොළඹ නගරය ආශ්‍රිතව ආර්ථික මධ්‍යස්ථාන සහ සති පොළවල් හරහා ඉවත් කෙරෙන එළවළු සහ පලතුරු විජලන වැඩසටහන් සංවිධානය කිර්ම හා රැකියා විරහිත වන පවුල් සඳහා ආදායම් උත්පාදන ක්‍රමවේද හඳුන්වාදීම, මහජන පුස්තකාලය තුළ කෘෂිකර්ම උපදේශකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සේවා සැපයීමට අනියුක්ත කිරීම යනාදියද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

(නිදර්ශනී වික්‍රමසිංහ)