maradona-death

බදාදා ප්‍රසිද්ධියට පත් කරන ලද අධිකරණ තීන්දුවකට අනුව, ආර්ජන්ටිනාවේ  ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන් අට දෙනෙකු නඩු විභාගයට කැඳවා ඇත. 2020 දී සිදුවූ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් මින් පෙර මෙම අට දෙනා නඩු විභාගය සඳහා කැඳවීමට දින නියම කර නොතිබූ අතර, නඩු පවරන්නන් පවසන්නේ නිසි වේලාවට ඔහුට ප්‍රතිකාර නොකර සිදුවූ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි.



2020 දී මැරඩෝනා වයස අවුරුදු 60 දී මිය ගියේ රුධිර කැටියක් සඳහා මොළයේ සැත්කමකින් සුවය ලබමින් සිටියදීය. කොකේන් සහ මත්පැන් වලට ඇබ්බැහි ව දශක ගණනාවක විවිධ රෝග සහිතව සිටි ඔහුගේ මරණයට එම රෝග තත්වයන්ද බලපෑවේය.

ස්නායු ශල්‍ය වෛද්‍ය සහ පවුලේ වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක්, මනෝ වෛද්‍යවරියක වන ඇගස්ටිනා කොසචොව්, මනෝ විද්‍යාඥ කාලෝස් ඩයස්, වෛද්‍ය සම්බන්ධීකාරක නැන්සි ෆෝලිනි සහ හෙදියන් ඇතුළු තවත් සිව් දෙනෙකු විමර්ශනයට ලක් කර ඇත.
නොසැලකිලිමත් මිනීමැරුමක් සම්බන්ධයෙන් නඩු පවරන ලෙස නඩු පවරන්නන් ඉල්ලා ඇත.

කණ්ඩායමේ වැරදි කළමනාකාරීත්වය නිසා පාපන්දු වීරයා "අසරණ තත්ත්වයකට" පත් කළ බව ඔවුහු පවසති.
මෙවැනි වරදක් මත  එරට වසර 8 සිට 25 දක්වා සිරදඬුවම් ලැබිය හැකිය.