pushpa-rajapaksa-returns-usa

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා ගමන් කරන යානයක නැගී පිටත්ව ගිය බවත් ඩුබායි ඔස්සේ ඇමරිකාවට යන බව සටහන්වූ බවත් වාර්තාවේ.




ඇය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 යානයකින් නැගී මෙසේ පිටත්ව ගියාය. බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවන් ඇමරිකාවේ වාසය කරන අතර අද (9) දින ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම දැනුම් දීමටද නියමිතය.
පසුව ඔහුද ඇමරිකාවට පිටත්ව යන බව පැවසේ.
ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති නිසා 21 වන සංශෝධනය සමග මන්ත්‍රී ධූරය අහෝසිවීමේ අවදානමකට ලක්ව සිටින අතර ඊට පෙර ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකට කළේය.
‘කපුටු කාක්‘ විරෝධය ඇතුළු අරගල ලංකාවේ සිදුවෙද්දී බැසිල් හා බිරිය ලංකාවේ වාසය කළ මුත් ඔවුන් කොහි පදිංචිව සිටියේද යන්න කිසිවෙකු දැන සිටියේ නැත.