power-cut-2-3-years

කඩිනමින් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකළහොත් දෙනිකව මේ වනවිට සිදුකරන විදුලි කප්පාදුව වසර කිහිපයක් පුරා පැවතිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 

එසේම අද දවසේ විදුලි බලාගාරයක් ඉදිකිර්ම ආරම්භ කළත්, එම බලාගාරයෙන් විදුලිය ලබාගැනීමට වසර තුනක පමණ කාලයක් ගත වන බවත්, ඒ අනුව දැනට තිබෙන තත්ත්වය තුළ වසර තුනක් පමණ යනතුරු ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි බවත් එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය. පසුගියදා ආණ්ඩුව විසින් ගෙන එන ලද විදුලි පනත සංශෝධන සිදුකරනු ලැබුයේ, ව්දුලි බලාගාර ඉදිකිර්ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදීමට අවස්ථාව සැලසීම මූලික කරගෙන බවද ඒ මහතා පවසා සිටියේය.මෙම විරෝධතා නොතකා පනත සංශෝධනය කළ බවත්, පනත සංශෝධනය කළත්, ඉදිරියේදී නැවතත් සංශෝධනයක් ගෙනවිත් මෙය වෙනස් කළ හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.



දූෂණය වංචාව නතර කිරීමට පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා ජනතාව අරගලයක නිරත වී සිටින බවත්, එහෙත් මෙම පනත සංශෝධනය කිරීම තුළින් දූෂිතයන්ට වංචාකාරයන්ට  හොරුන්ට රිංගා යා හැකි ක්‍රමයක් සකස් කර තිබෙන බවත් හෙතෙම පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (15දා) දින පැවති මාධ සාකච්ඡාවකට එක්වෙමිනි.  මෙම ක්‍රමයට විරුද්ධව විදුලිබල  මණ්ඩල වෘත්තීය සමිති කටයුතු කළත්, ජනතාව මෙම තත්වය තේරුම් නොගත් බවත්, මේ නිසා ජනතාව තම සංගම් සිදුකළ ක්‍රියාවට විරෝධය දැක්වූ අතර, මෙම පනත සංශෝධන හරහා විදුලි බිල වැඩිවීමේ කටයුතු සිදුවන නිසා ජනතාවට සිදුවන අලාභය තවත් වසර කිහිපයකින් සිදුවන බවත් සභාපතිවරයා පවසා සිටියේය. පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු අදානි සමාගමට ලබා දෙනවාට වෘත්තීය සමිති අකමැති නොවන බවත්,

රටට පුනර්ජනනීය බලශක්තිය අවශය නමුත් අදාළ කටයුතු තරගකාර් මිල ගණන් යටතේ ඩෙන්ඩර් කැඳවීමකින් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. මෙම පනත සංශෝධනය හරහා ඉදිකිරීමට නියමිත බලාගාරය තුළින් විදුලි ඒකකයක් ඩොලර් ශත හතකට. වැඩි මුදලකට මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, එහෙත් විදුලි ඒකකයක් ඩොලර් ශත හතරකට පමණ මුදලකට ලබාදීමට දේශීය සමාගම් යෝජනා කර තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.

මෙම ක්‍රමයට විරෝධය දැක්වීමට ජනතාව කැමති නම් විරෝධතාව ඉදිරියට ගෙන යාමට වෘත්තීය සමිති සුදානම් බවත්, මෙම විරෝධතාව පළ කළ තමන්ට මාසිකව රුපියල් නවලක්‍ෂයකට වැඩි වැටුපක් ලබාදෙන බවට විවිධ ප්‍රචාරයන් සිදුවූවත් එම ප්‍රචාරයන් අසත්‍යයක්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අවශ්‍ය කෙනෙකුට තොරතුරු ඉල්ලාගත හැකි බවත් ඒ මහතා පැවසීය. පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස වහල මත සූර්යකෝෂ සවිකර කඩිනමින් විදුලිය නිෂ්පාදනය කරගත හැකි බවත්, දැනටමත් මේ ආකාරයට මෙගාවොට් 500කට වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)