pakistan-government-tea-request

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයිපාකිස්තාන රජය එරට ජනතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය ලොව විශාලතම තේ ආනයනයකරුවා වන අතර, වර්තමානයේදී එරට මුහුණ දී ඇති විදේශ මුදල් සංචිත අර්බුදය මේ තීරණයට හේතුව වී තිබේ.



ඒ අනුව දිනකට පානය කරන තේ කෝප ප්‍රමාණය සීමා කර, ආනයන වියදම අඩු කර ගැනීමට හැකි බව පාකිස්තානයේ සැලසුම් සහ සංවර්ධන අමාත්‍ය අෂාන් ඉම්බාල් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ. "අකමැත්තෙන් වුණත්, මට සිදුවෙනවා වතාවගෙන් ඉල්ලීමක් කරන්න දිනකට පානය කරන තේ කෝපි ප්‍රමාණය අඩු කරන්න. ඊට හේතුව අප තේ මිලදී . ග ත් ණයවලින්.” යැයි එහිදී ඔහු පවසා ඇත. මේ අතර විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සදහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත්, එම විදෙස් සවිත යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී පෙන්වා දී තිබේ.

2020 වසරේදී පාකිස්තානය එක්සත් ජනපද ඩොලර්  මිලියන 646ක් වටිනා තේ ආනයනය කර ඇති අතර, තේ  යනු පාකිස්තානය තුළ වැඩියෙන්ම ආනයනය කළ භාණ්ඩ අතර 13 වැනි ස්ථානයේ පසුවෙයි. මෙහිදී පාකිස්තානය වැඩීම තේ ප්‍රමාණයක් ආනයනය කර ඇති රට වන් කෙන්යාවයි. එම වටිනාකම ඩොලර් මිලියන 495කි. එසේම වියට්නාමයෙන්, රුවන්ඩාවෙන්, උගන්ඩාවෙන් සහ චීනයෙන්ද පාකිස්තානය තේ ආනයනය කරයි.