japan-job-opertunities

පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙනා තමන්ගේ ආර්ථිකය. ශක්තිමත් කර ගැනීම සඳහා විදෙස් රැකියාවන් සොයයි. වර්තමානයේ රටේ ඇතිව තිබෙන තත්වය නිසාද රැකියා සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නන් බොහෝය.

ඒ අතර ජපානය වැනි රටක රැකියාවලට යාමටද බොහෝදෙනෙකු උනන්දු වෙයි. ජපන් රැකියා සිහිනය සැබෑ කරගත හැකි ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මිනිස් බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදී. එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇත.


ශ්‍රී ලංකා රජය ජපන් රජය සමග 2018 වසරේදී තාක්ෂණික සේවා සදහා අත්සන් කළ ගිවිසුම සහ 2019දී විශ්මිත නිපුණතා සහිත පුද්ගලයන් සදහා අත්සන් කළ (SSLN) ගිවිසුම අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ජපන් රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණි තරුණියන්ට අවස්ථාව හිමි වේ. ජපානයට පැමිණෙන අයෙක්, ජපානය රැකියාවක් කරන අයෙක්, ජපනයේ හාම්පුතුන් සමග වැඩ කරන අයෙක් අනිවාර්යයෙන්ම ජපන් භාෂාව ප්‍රගුණ කළ යුතු බව පානය එදා සිටම විශ්වාස කළ දෙයකි. වෙනත් භාෂාවලින් සාකච්ඡා කිරීමට ඔවුන් යම් අකමැත්තක් දක්වයි. ජපානයහි අධ්‍යාපනය සඳහා යන අයද පළමුව ජපන් භාෂාව ප්‍රගුණ කළ යුතුය. එබවින් කුමනාකාරයෙන් හෝ ජපන් රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් පළමුව ජපන් භාෂාව ඉගෙන ගත යුතුය.




තාක්ෂණික සේවාස්ත ක්‍රමයෙන් ජපානයේ රැකියා සඳහා යා හැක්කේ කෙසේද?

තාක්ෂණික සේවා පුහුණුලාභියෙක් ලෙස ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වසර තුනකට ජපානයේ රැකියා සදහා යා හැක. මෙම සේවා ක්‍රමය හරහා ජපානයට යා හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන්ට පමණි. එමෙන්මෙ සේවායෝජකයෝ බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු 18 - 30ත් අතර පුද්ගලයන් වන නමුත්, ජපාන් භාෂා භාවිතය ඉතා ඉහළ නම් වයස අවුරුදු 35 - 37වනි අයටද ජපානයට යා හැකිය. ජපානයට රැකියාවක් සදහා යාමට හෝ සේවාලාභියෙක් ලෙස ස්ථානයට යාමට අනිවාර්යයෙත් ජපන් භාෂා ප්‍රවීණතාව තිබිය යුතුය. ජප්පන් භාෂා ප්‍රවීණතාව මැනීම සිදුකරනු ලබත් ස්ථානය විසින් අනුමත කරන ලද විභාග කිහිපයක් මත වන අතර, ඒ සදහා ජපාන් විභාග sease @. JLPT, JLCT, Top J. NAT වැනි විභාග තුළින් ජපන් භාෂා ප්‍රවීණිතාව මැනීම සිදුකරයි. මෙයින් NAT විභාගය මාස දෙකකට වරක් පවත්වනු ලබයි.


තාක්ෂණික සේවාලාභියකු ලෙස ජපානයට යාමට බලාපොරොත්තු වන අයද පැය එකසිය අසූවකට වඩා ජපන් භාෂාව ඉගෙන ගෙන තිබිය යුතු බව ජපාන රජය විසින් නියමයක් ඉදිරිපත් කර ඇත. ජපන් භාෂාව පැය එකසිය අසූවකට වඩා වැඩියෙන් ඉගෙනගත් අයෙකුට N5 මට්ටම ලබාදේ. මෙම N5 සාමාර්ථය NAT, JLPT, JLCT, Top J යන විභාග තුළින් ලබාගත හැක. මෙම විභාග හතරම ජපානය විසින් අනුමත කරන ලද ලංකාවේද පවත්වන විභාග වේ. ජපානයේ රැකියා සදහා යන්නෙකුට හෝ අධ්‍යාපනයට යැමට බලාපොරොත්තු වන අයෙකුට වීසා ලබාගැනීම සඳහා මෙම විභාග හතරම අනුමත කර තිබේ. තාක්ෂණික සේවාලාභියෙක් ලෙස ජපානයට යන පුද්ගලයකුට ජපන් යෙන් 150,000 - 160,000ත් අතර වැටුපක් ලබන්නට හැක. එය ලාංකීය මුදලින් රුපියල් ලක්ෂ තුනකට වැඩි වේ. ජපන්  සාත්තු සේවිකා සදහා යන කාන්තාවකට N4 සුදුසුකම අත්‍යවශ්‍යය.


N4 සාමාර්ථය ලබාගැනීම සඳහා N5 සාමාර්ථය ලබාගෙන තවත් පැය එකසිය අසූවක ජපන් භාෂාව හැදෑරීය යුතුය. N4 සාමාර්ථය ලබාගතහොත් ඇයට ජපානයේ සාත්තු සේවා වෘත්තිය සඳහා යාමට හැකි වේ. ඇතැම්විට පිරීමී සාත්තු සේවකයන්ද ජපානය විසින් ඉල්ලා සිටින අතර, N4 සාමාර්ථය ඇති පිරිමි අයටද එවිට ජපානයේ සාත්තු සේවා සඳහා යා හැකි නමුත් පිරිමි සාත්තු සේවකයන් ඉල්ලා සිටින අවස්ථා ඉතා අඩු මට්ටමක පවතී. තවද කර්මාන්තශාලාවල අතැම් රැකියා අවස්ථා සඳහාද N4 සාමාර්ථය නිර්ණායකයක් ලෙස සලකන අවස්ථාද තිබේ. රැකියාවට අවශ්‍ය ලෙස භාෂාව ඉගෙන ගන්නවාට වඩා භාෂාව ඉගෙන ගෙන ඉන්පසුව රැකියා අවස්ථා සඳහා යොමු වීම වඩාත් යෝග්‍ය බව මංගල රන්දෙණිය මහතා පවසයි. N4 සමාර්ථය සමගින් සාත්තු සේවා යන ශ්‍රමිකයන් ජපානය තුළ පළමු වසර තුළ N3 මටම ලබාගත යුතුය.




N3 ලබාගත් පසු ජපානයේ ඉදිරි වසර දෙක සඳහා සේවය කිරීමට බලපත්‍රය ලබාදෙනු ලබයි. එය මදක් අපහසු වන්නේ ජපානය තුළ රැකියාව සිදුකරන අතරතුරම ඉගෙන ගැනීමට සිදුවන බැවිනි. මේ නිසා විදේශ සේවා කාර්යාංශය මගින් පහසු ක්‍රමවේදයක් හදුන්වා දී තිබේ. එනම් N4 ලබාගෙන ජපානයේ රැකියා සඳහා යාමට සුදුසුකම් ලැබූ ශ්‍රමිකයන්ට සාත්තු සේවා NVQ3 මට්ටමේ පුහුණුවක් මාස හතරක කාලයක් ලබා දේ. එම පුහුණුවේදී ජපන් භාෂා පුහුණුව N3 සාමාර්ථය සඳහාද අධ්‍යාපනය ලබාදෙයි. ඉහත සදහන් කළ ප්‍රධාන ගිවිසුම් දෙකට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ ආයතන දෙකක් සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කර තිබේ. ඒ I.M Japan සහ I.R.0 Japan යන ආයතන දෙකත් සමගය.මෙම I.M Japan ආයතනය හරහා මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රී ලාකිකයන් 300කට ආසන්න පිරිසක් ස්තානයේ රැකියා සඳහා යවා තිබේ. එමෙන්ම I.R.0 Japan ආයතනය හරහාද මේ වන විට යම් පිරිසකට ප්පන් රැකියා අවස්ථා හිමිව තිබේ.ජපන් භාෂාව ඉගෙන ගැනීමට වැය වන වියදම පමණක් මෙහිදී ඔබට දැරීමට සිදුවනු ඇත.


ජපන් යාමට බලාපොරොත්තුවන්නන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබාගත් රැකියාවක් සඳහා යන්නේ නම්, ඔවුන්ව ජපානයට යවනුයේ නොමිලේය. මේ වන විට තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් කාර්යාංශය මගින්ජපානයට යවා තිබේ. ඒ අතර පිරිමි ශ්‍රමිකයන්ද සැලකිය යුතු පිරිසක් කාර්යාංශය මගින් ස්ථානයට ගොස් තිබෙන, අතර ඔවුන්ද එහි හොදින් රැකියාව කරමින් සිටියි. I.R.0 ආයතනය හරහාද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ස්ථානයට රැකියා සඳහා යෑමට හැකි අතර, ඔවුන්ට ගුවන් ටිකට්පත පවා ගෙන්වා දීම කාර්යාංශය මගින් සිදුකරයි. එහිදී ඔබට රජයේ ලියාපදිංචි ගාස්තු සහ පුහුණු ගාස්තු පමණක් වියදම් වනු ඇත. | එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍ර ඇති අයටද ජපන් රැකියා සොයාගෙන විත්, ගිවිසුම් අත්සන් කර ශ්‍රමිකයන්ව බඳවාගෙන ජපානයට යැවීමට අවස්ථාව මේ වන විට ලබා දී ඇත. එවැනි බලපත්‍රලාභී ආයතන හැත්තෑවක් ලංකාව තුළ තිබේ. එම ආයතන ජපානයේ රැකියා අවස්ථා සදහා බදවාගන්නා ආයතන සමග ජපානය තුළ ඇති රැකියා හිඩැස් සදහා ශ්‍රමිකයන් පිටත් කර හැරීම සිදුකරයි. එම ආයතන පෞද්ගලික ආයතන වන බැවින්, ඒ හරහා යන ශ්‍රමිකයන්ගෙන් ගාස්තු අය කරගනු ලබයි. එහිදී විදේශ සේවා කාර්යාංශය මගින් අනුමත ගාස්තු පමණක් රැකියාලාභීන්ගෙන් අය කර ගැනේ.


ජපානයට ගෙන්වාගනු ලබන අයට ශ්‍රී ලංකා මුදලින් අය කරගත හැකි උපරිම මුදල වනුයේ රුපියල්  ලක්ෂ තුනහමාරකි. එමෙන්ම දැනට බලපත්‍රලාභී ආයතන හතරක් නොමිලේ ජපානයට ශ්‍රමිකයන් යැවීම සිදුකරන අතර, ඔවුන් ජපානයට ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා ආයතන හරහා ඔවුන්ගේ ගාස්තු අය කර ගනී. එමෙන්ම මෙවැනි ආයතන හරහා යන බොහෝ අයට එම ආයතන මගින් විවිධ වරප්‍රසාද ලබාදේ. උදාහරණයක් ලෙස ඇතැම් නොමිලේ යවන ආයතන හරහා ජපන් භාෂා ප්‍රවීණතාව N3 සාමාර්ථය ලබාගෙන පැමින අයට යෙන් 30,000ක සන්තෝසම් මුදලක් ලබාදේ. එමෙන්ම සාත්තු සේවා වෘත්තීය සඳහා ජපානයට යන අයෙකු අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරා ඇත්නම් ඇයට ජපානය තුළ හෙද සේවයට පවා පිවිසීමට අවස්ථාව ජපන් රජය විසින් ලබාදී තිබේ. ලංකාව තුළ සෞඛ්‍ය සේවයේ හෙද සේවයට එක්වීමට නොහැකිව සිටින තරුණ තරුණියන්ටද ජපන් භාෂාව හදාරා ජපානයේ සෞඛ්‍ය සේවයට එක්වීමට අවස්ථාවද තිබෙන බව මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

විශේෂිත නිපුණතා සහිත පුද්ගලයන්ට ජපන් රැකියා සඳහා යා හැක්කේ කෙසේද?

විශේෂිත නිපුණතා වැඩසටහන හරහා ජපානයට යන පුද්ගලයන් සඳහා නිපුණතා පරික්ෂණයක් තිබේ. මෙම වැඩසටහන හරහා ජපන් යන පුද්ගලයන්ට වසර පහකට ජපානය තුළ වීසා ලබාදේ. ඔවුන්ට යෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි වැටුපකට යා හැක. මේ සඳහා විභාග දෙකක් ලබා දී ඇති අතර, එය සාත්තු සේවා විභාග සහ ආහාර පාන, කර්මාන්තශාලා සදහා වූ විභාග වේ. එමෙන්ම හෝටල්, නවාතැන් ආශ්‍රිත රැකියා අවස්ථාද, ගොඩනැගිලි පිරිසුදු කිරීමේ  රැකියා අවස්ථාද, මෝටර් රථ කාර්මික රැකියාද. කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාව මේ වන විට ඉල්ලා තිබෙන අතර, ඉදිරියේදී එම රැකියා අවස්ථාවන්ද ලංකාවට ලැබෙනු ඇත. SSW වැඩසටහන හරහා ජපානයට යන පුද්ගලයන්ගේ භාෂා ප්‍රවීණතාව සඳහා ජපන් රජය විසින් JLPT විභාගය සමත් වීම අවශ්‍ය වේ. JLPT විභාගයේ N4 සමාර්ථය තිබෙනවා නම් JFT නිපුණතා පරීක්ෂණයෙන් ඔහුව හෝ ඇයව නිදහස් කරනු ලබයි. JLPT විභාගය පවත්වනු ලබන්නේ මාස හයක් වන අතර,


ඒ සඳහා සුදුසුකම් ලබනුයේ ඉතා සීමිත පිරිසකි. ලෝකයේ ඕනෑම රටකට JFT විභාගය පැවැත්වීම සඳහා අනුමත ආයතනය වන්නේ prometric ආයතනයයි (www.prometric. com). මෙම විභාගය ලංකාවේදී පවත්වන අතර, OS CBT (computer - based testing), MCQ (multiple - choice questions) ආකාරවලට විභාගය පවත්වනු ලබයි. JLPT හෝ JFT විභාග සමත්වූ අයට ස්තානය තුළ ඇති ආහාර පාන සහ කර්මාන්තශාලා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාගෙන යාමට හැකි වේ. එමෙන්ම පෞද්ගලික ආයතන හරහා රැකියා සදහා පිටත් වෙනවා නම් ඒවායේ අනුමත ගාස්තු ගෙවිය යුතු වේ. SSW ක්‍රමය යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ඒ අදාළ විභාග සඳහා වයස අවුරුදු 17 සපිරුණු අයට ලබාගත හැකිය. SSW ක්‍රමය යටතේ උපරිම වයසක් ජපානය සලකා නොබලන අතර, දිගුකාලීනව ජපානයේ රැකියා කර නැවත ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ටද මෙම ක්‍රමය යටතේ විභාගයට සහභාගී වී නැවත ජපානයට යාමට අවස්ථාව තිබේ. නමුත් SSN වැඩසටහන යටතේ වයස අවුරුදු 35ට අඩු අයට වැඩි ප්‍රමුඛතාවක් හිමි වෙයි.



ජපන් භාෂාව ඉගෙන ගත හැකි අධනපන ස්ථාන

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට මධ්‍යස්ථාන දොළහක ජපන් භාෂා පාඨමාලා ආරම්භ කර තිබෙන අතර මූලික පාඨමාලාව මාස හතරකි. ජපන් භාෂා ඉගෙනගැනීමට බලාපොරොත්තු වන අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා එම මධ්‍යස්ථානයන් ඇති ස්ථාන පිළිබඳව දැනගත හැකිය. එමෙන්ම පෞද්ගලික රැකියා නියෝජිත ආයතන නවයකට පාඨමාලා පැවැත්වීම සඳහා කාර්යාංශය මගින් අවසර ලබා දී තිබේ. කාර්යාංශය හරහා පාඨමාලාවකට බැදෙන අයට නව කණ්ඩායම් සඳහා ලියාපදිංචි වීම සිදු කරගත හැකි අතර මෙම පාඨමාලාව සඳහා මාසයකට රුපියල් පන්දාහක ගාස්තුවක් අය කෙරෙයි. මාස හතරෙහිම පාඨමාලා ගාස්තු එකවර හෝ මාසිකව ගෙවිය හැක. මෙම පාඨමාලාව දිනකට පැය හතක් පැවැත්වේ. මෙම පාඨමාලා විවිධ ප්‍රායෝගික සැසි මගින් සිදුකරනු ලබයි. ඒ සඳහා ජපන් ජාතික ගුරුවරුන්ද පාඨමාලා අධීක්ෂණය සඳහා සහභාගී වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවසරය ලද පොගලික රැකියා නියෝජිත ආයතනවල පාඨමාලා ගාස්තු සඳහා කාර්යාංශයෙන් නියාමනයක් සිදු නොකරයි.


ඊට අමතරව වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික යොවුන් සේනාංකය මේ වන විට ජපන් භාෂා පාඨමාලා ආරම්භ කර ඇති අතර, නුදුරේදීම ජාතික තරුණ සේවා සභාව පාඨමාලා ආරම්භ කරනු ලබයි. තවද NAITA ආයතනය ඔවුන්ගේ මධ්‍යස්ථාන 50ක නුදුරේදිම ජපන් භාෂා පාඨමාලා ආරම්භ කරයි. එමෙන්ම අනෙකුත් ජපන් භාෂා උගන්වන පෞද්ගලික පාසල් ලංකාව පුරාම ඇත. කුමන අධ්‍යාපනය ආයතනයකින් ඔබ ජපන් භාෂාව හැදෑරුවත් ජපන් රජය පිළිගත් ජපන් භාෂා ප්‍රවීණතාව මනින විභාග   හතරෙන් එකකට සහභාගී වීම අනිවාර්යය වේ. ඔබ කුමන ස්ථානයකින් භාෂාව හැදැරූවත් එම ආයතන පළමුව ඔබට විභාග පවත්වන ආකාරය සහ කාලසටහන ලබාදෙනු ඇත. එම විභාගයෙන් තමන්ගේ තක්සේරුව ලබාගත් පසු වැඩිදුරටත් භාෂාව හදාරා N4 මට්ටම ලබාගත හැක. N4 මටම ලබාගැනීම තාක්ෂණික සේවාත ක්‍රමය හරහා රැකියාවක් ලැබීමට ඉහළින්ම සලකා බලයි.

ශරීරයේ පවා ඇති අයට යන්න පුළුවන්ද?

පච්ච හෙවත් ටැටූ ගැසූ පුද්ගලයන්ට ජපානය යම් අකමැත්තක් දක්වයි. එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. තාක්ෂණික සේවාලාභියෙක් ලෙස I.M Japan සහ I.R.0 Japan ආයතන හරහා ජපාන රැකියාවන්ට බඳවාගැනීමේදී පවා ගැසූ අයව ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. එමෙන්ම ඇස් පෙනීමද ජපන් රැකියාවට යාමට පෙර පරීක්ෂා කරන අතර, එහිදී කණ්ණාඩි භාවිත කරන අයට ගැටලුවක් මතු නොවේ. තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබා දී හෝ ඔවුන්ගේ නිල වෙබිඅඩවිය තුළින්ම ස්තානයේ රැකියාවකට යා හැකි ආකාරය පිළිබදව තවත් දැනුවත්වීම් ලබාගත හැක.

(සටහන-කැළුම් දේවින්ද)