nalaka-godahewa-speaks

වර්තමාන ආණ්ඩුව පසුගිය වසර දෙකේදී සිදු කළ වැරදි නිසා මෙම ආර්ථික කඩාවැටීමට ලක්වූ බවත් සිදුකළ වැරදි අවංකවම පිළිගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මේ ආකාරයට තුන් වතාවක් කැබිනට් මන්ඩල මාරු කරමින් වැටුණ රට ගොඩගන්නට උපායන් සකස් කරන්නට සිදුවූයේ මෙම අසාර්ථකභාවය නිසා බවද ඔහු කීය. තමා රනිල් වික්‍රමසිංහගේ බැඳුම්කර වංචාව ගැන කතා කර ප්‍රශ්න ඇති කරගත් කෙනෙකු බවත් ඔහුට තමා අකමැති නමුත් මෙම අවස්ථාවේ වැඩ කරන්න සහය දෙන බවත් පාර්ලිමේන්තුවේදී ඔහු  පැවසීය. ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ කීය.



“අද මේ තියෙන අර්බුදයට වර්තමාන ආණ්ඩුව වගකියන්නට ඕනෙ. ප්‍රශ්න විසඳාගන්න බැරිවෙච්ච එක, මේ අර්බුදය කලින් දැකලා වළක්වාගන්න බැරිවෙච්ච එක ගැන වර්තමාන ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනෙ. ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා අලුත් කණ්ඩායමක්, අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා විශාල වෙනසක් කරාවි කියලා. නමුත් ඊටපස්සෙත් මේ ප්‍රශ්න නතර වුණේ නෑ. අපි දිගින් දිගටම වැරදි කළා. පටන් ගන්නකොටම ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න කිසිසේත්ම සම්බන්ධ වෙච්ච නැති පුද්ගලයෙක් ගෙනල්ලා,

ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්කරලා භාණ්ඩාගාරය මහබැංකුව මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තත්වයක් අපි ඇතිකරලා දුන්නා. අද ඒ අය කරපු වැරදි ගැන අපි කතා කරන්නෙ නෑ. ඒ අය ගත්තු තීන්දු තීරණ නිසා තමයි අද රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නෙ. කවුද ගත්තෙ මේ බදු අඩුකරන තීන්දුව ?”

එම වීඩියෝව පහතින්