
අද 08 බදාදා ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර තිබේ.
මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස පෝලිම්වලට ගොස් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න එපා යයිද නැවත වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන දිනය දන්වා සිටින බවද සමාගම දන්වා ඇත.
ඊයේ බස්නාහිර පළාත තුළ පමණක් හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා ගෑස් බෙදාහැරීම සිදු කළ නමුත් ඊළඟ නැව පැමිණෙන දිනය තවම නිශ්චිත නැති නිසා ගෑස් ලබාදීමට දින කිහිපයක් යනතුරු බැරිවන බවද දන්වා ඇත.
යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන තෙක් ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම්දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval