USS-Samuel-B-Roberts-found

ලොව එතෙක් මෙතෙක් ගැඹුරුම මුහුදු පතුලේ තිබී හමු වූ නෞකාවේ සුන්බුන් සොයා ගැනීමට ගවේෂකයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්ත වෙයි. පිලිපීනයේ සමර්දූපතට ඔබ්බෙන් පිහිටි සාගරයේ මීටර් 6,685ක් පතුලේ තිබී මෙම නොකාව හමුව තිබේ. මෙම නෞකාව දෙවැනි ලෝක යුද්ධය සදභා භාවිතයට ගත් එක්සත් ජනපදයට අයත් ප්‍රහාරක යුද නෞකාවක් වූ USS Samuel B Roberts නෞකාව ලෙස හඳුනාගෙන තිබේ. මෙය Sammy B නමින් වඩාත් ප්‍රචලිතව තිබුණි.

1944 වසරේදී එය මෙලෙස පාන නාවික හමුදා ප්‍රහාරයකින් මුහුදුබත්වී තිබේ. එය මේ වනවිටත් කොටස් දෙකකට කැඩී මෙලෙස සාගර පතුලේ තැන්පත්ව තිබෙන බව ගවේෂකයන් පවසයි. මුහුදුබත් වන අවස්ථාවේදී Sammy B නොකාව මත නාවිකයන් 224දෙනෙකු සිට ඇත. එහිදී ඉන් 80දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කපිතාන්වරයා ඇතුළු 120දනෙකු බේරාගැනීමට හැකිවී තිබේ. එක්සත් ජනපදයේ ඩලස් නුවර පිහිටි කැලඩන් ඕතික් එක්සස්පෙඩිෂන්ස් සමාගම මගින් මෙම සොයාගැනීම සිදුකර තිබේ.මීට පෙර ලොව ගැඹුරුම මුහුදු පතුලේ තිබී හමුවූ නොකාවේ වාර්තාවට හිමිකම් කීවේ USS Johnson නාකාවයි. එය මීටර් 426ක් පතුලේ තිබියදී සොයා ගැනුණි. එය සොයා ග න්ද මෙම කැලඩන් ඕෂනික් එක්සස්පෙඩිෂන් සමාගම මගිනි.