
මත්තල ගුවන්තොටුපොළ තුළ මාසික පාඩුව රුපියල් මිලියන 100 ක් බව ඊයේ (11) අනාවරණ වී තිබුණි.
ඒ විෂයභාර අමාත්‍යවරයා සහ නිලධාරීන්, එම ගුවන්තොටුපොළ තුළ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදීය.
අමාත්‍යවරයා පැවසුවේ, මෙම වාතාවරණය යටතේ මත්තල ගුවන්තොටුපොළ පුද්ගලීකරණය නොකර ප්‍රතිව්‍යුහගත කිරීමක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යන බවය.
මත්තල ගුවන්තොටුපොළ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එලෙස ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබුණි.
ඒ අනුව නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ගුවන්තොටුපොළ තුළ සිදුකෙරෙන වියදම් අඩුකිරීමට පියවර ගත යුතු බවය.
“හදිසි ගොඩබෑම් සඳහා තවත් ගුවන්තොටුපොළක් අපිට අවශ්‍යයි. නැත්තම් අපේ යානා සියල්ල මදුරාසිය දක්වා යන්න වෙනවා. ඒ නිසා මේ ගුවන්තොටුපොළ අපි අකමැත්තෙන් උවත් පවත්වාගෙන යායුතුයි.”
“ගිය පාර වී ගබඩාවක් වුණා.. මේ පාර ගුවන්තොටුපොළ තල ගබඩාවක් වුණත් හොඳයි. ජනතාවට කන්න දෙන්න පුළුවන්.”
ඔහු පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval