kandakadu-incident
වැලිකන්ද කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුරේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පිරිසක් ආරක්ෂා සහිතව රඳවා තබා පුනරුත්ථාපන කටයුතු සිදු කරමින් පවතින අතර අද (29) උදෑසන එක් රැඳවියෙකු අභිරහස් ලෙස මරණයට පත්ව තිබේ.


මේ හේතුවෙන් සෙසු රැඳවියන් බියට පත්ව උණුසුම් තත්වයක් හටගෙන තිබේ. අනතුරුව පිරිස කඳවුරෙන් පලායන්නට තීරණය කර විශාල පිරිසක් අද උදේ 8 ට පමණ කඳවුරේ ආරක්ෂිත වැට කඩා බිඳ දමා ඉන් පිටත්ව ඇත.
පලායන්නට උත්සාහ කළ අවස්ථාවහෙි එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණද පිරිස පලායාම වළ්වා ගන්නට අපහසුවූයේ එම අවස්ථාවේ ආරක්ෂාවට සිටි පිරිස ප්‍රමාණවත් නොවීමෙනි.


ගැටුම අතරතුර රැඳිවියන් 500කට වැඩි සංඛ්‍යාවක් පැනගොස් ඇති බව  වාර්තා වෙයි. කඳවුරේ රැඳවියන් 1000 ක් පමණ සිටින අතර ඉන් අඩකට වැඩි පිරිසක් තවම අතුරුදන්ය.

සැකකටයුතු ලෙස මියගිය රැඳවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැදවියන් කටයුතු කර තිබූ බවද වාර්තා විය.

පළාගිය පිරිස සොයා ගැනීමට හා  තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය 500 කට වැඩි පිරිසක් කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
කඳවුර පිහිටා ඇත්තේ පාළු ප්‍රෙද්ශයක වන අතර පලාගිය පිරිස ඒ ආසන්න කැලයට පැන ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සොයා කැලෑව පීරා මෙහෙයුමක් දියත් කර ඇත.