
රුසියාවෙන් සහ කටාර් රාජ්‍යයෙන් ඉන්ධන ලබාගැනීම පිළිබද සාකච්ඡා කිරීමට කංචන විජේසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද දිවයිනෙන් පිටත්ව ගියහ.
රුසියාවෙන් තෙල් ලබාගැනීම පිළිබද සාකච්ඡා කිරීමට අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරුන් ද අද දිනයේ රුසියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර කංචන විජේසේකර මහතා අද පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියේය.
මෙම සංචාරය තුළදී ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව සොයනු ඇති අතර මෙම සංචාරය සදහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ද සභාගීවනු ඇත.
ඉන්ධන ලබාගැනීමට තිබූ අවසන් නැවද ලංකාවට පිටුපා ණයට තෙල් නොදෙන බව පවසමින් දකුණු ඉන්දියාව කරා ගිය පසුව මෙම තෙල් සොයා යාමේ මෙහෙයුම ආරම්භ වී තිබේ.
ඔවුන් පැමිණෙන තුරු සහ කිසියම් දෙයක් සිදුවනතුරු රටේ හදිසි සේවා වලට පමණක් තෙල් නිකුත් කරමින් ලොක් ඩවුන් තත්වයකින් පවත්වා යන්නට රජය තීරණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval