kremenchuk-mall-ukraine-russia
9pm
යුක්රේනයේ පොල්ටාවා ප්‍රදේශයේ ක්‍රෙමෙන්චුක් නගරයේ කාර්යබහුල සාප්පු මධ්‍යස්ථානයකට රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.
ජනාධිපති සෙලෙන්ස්කි ඇස්තමේන්තු කරන්නේ ප්‍රහාරය අවස්තාව වන විට 1,000 මිනිසුන් සාප්පු සංකීර්ණයේ සිටි බවයි.
මියගිය ගණන තවම තහවුරු කර නැති අතර තවමත් සාප්පුසංකීර්ණය ගිනි ජාලාවක් බවට පත්ව අළුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ලක්ෂ දෙකක පමණ ජනගහණයක් සිටින මෙම නගරය රුසියානු මිසයිල ප්‍රහාරයකට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර යුද්ධයේදී රුසියානු මිසයිල මෙම නගරයෙහි තෙල් පිරිපහදුව සහ අනෙකුත් යටිතල පහසුකම්වලට පහර දුන්නේය.
එය යුක්රේනයේ විශාලතම කාර්මික නගරවලින් එකකි.

ඉන්ස්ටග්‍රෑම් හි ගින්න පිළිබඳ වීඩියෝවක් බෙදා ගනිමින් සෙලෙන්ස්කි  මෙසේ පැවසීය: “මෝල් එක ගිනිගෙන ඇත, බේරා ගන්නෝ ගින්නට එරෙහිව සටන් කරමින් සිටිති, වින්දිතයින් සංඛ්‍යාව සිතාගත නොහැකිය. රුසියාවෙන් මනුෂ්‍යත්වය බලාපොරොත්තු වීම පලක් නොවේ."