
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු බදාදා (8) දින සිට බලපැවැත්වෙන පරිදි 60 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත. මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු අද (07) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් සිය පත්වීම් ලිපිය භාරගනු ලැබීය.
වර්ෂ 2021 දෙසැම්බර් මස 12 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධුරය මෙන්ම ඊට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස 2022 ජුනි මස 08 දින මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු රාජකාරි භාරගැනීමට නියමිතය.



Comments
Post a Comment
Your comment will be visible after approval