
ඉන්දීය ප්‍රිමියර් ලීගය හෙවත් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මාධ්‍ය හිමිකාරිත්ව ගනුදෙනුවට ඉන්දීය රුපියල් කෝටි 44,075ක ලංසුවක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තතා කරයි. වසර 05ක් වෙනුවෙන් පිරිනැමෙන මෙම හිමිකාරීත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.65ක් ලෙසින් සනිටුහන් වේ.
මෙය ආසන්න ලෙස රුපියල් ට්‍රිලියන දෙකක මුදලකි 2023-2027 අතර කාලය සඳහා මාධ්‍ය හිමිකාරිත්වය පැවරීමට මෙම ගනුදෙනුව සිදුවී ඇත. එමෙන්ම මෙය රූපවාහිනී හා ඩිජිටල් ලෙසින් විකාශකයන් දෙදෙනෙකුට පිරිනමා ඇත. මේ අනුව මෙම විකාශකයන් දෙදෙනා ඉදිරිපත් කළ ලංසුවට ඊයේ (14දා) දිනයේදී ඔවුන්ට අයිතීන් පැවරීමට අයි.පී.එල්. සංවිධායකයන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත් එම මිලදී ගැනීම් සිදුකළ ආයතන පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොතිබුණි. අයි.පී.එල්. තරගාවලියේ මෙම ලැයිස්තුගත කාලය තුළදී පැවැත්වෙන තරගාවලිහිදී තරග 410ක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව තරගාවලියේ එක් තරගයක වටිනාකම ඉන්දීය
( ඕෂිත වරකපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval