hit-and-run-mervin-danawardana-guruge-son

ජා-ඇළ වැලිගම්පිටිය තුන්පෑලිය ප්‍රදේශයේදී ඊයේ (22) දහවල් බීමත් පුද්ගලයෙකු පැදවු සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබිණි. අනතුරෙන් පසු රියදුරු මෝටර් රථය රැගෙන පළාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් රථය පසුපස හඹාගොස් එහි සිටි දෙදෙනා අල්ලා කඳාන පොලීසියට භාර දෙන ලදී.


අදාළ රථයේ රැඳීසිට තිබුණේ  ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මර්වින් ධනවර්ධන ගුරුගේ මහතාගේ පුත්‍රයා සහ තවත් අයෙකි.
මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජන බලවේගයේ දේශපාලන ප්‍රබලයකු මෙන්ම ප්‍රකට  ව්‍යාපාරිකයෙකු  වන අතර කඳාන පොලිස් ආරංචි හෙලි කරන්නේ අනතුරින් පසු පළායන්නට තැත්කළ දෙන්නා කුදලාගෙන මහජනතාව කඳාන පොලිසිය වෙත ඊයේ බාර දුන් බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම අනතුර ගැන ආරක්ෂිත කැමරා දර්ශන ආශ්‍රයෙන් පරීක්ෂා කරන පොලිසිය පවසන්නේ බීමතින් රිය පදවා මාරක රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව මෙන්ම අනතුරක් කර පලායාමේ වරද යන බරපතල වැරදි දෙකක්ම ඔවුන් කර ඇති බවයි.