hirunika-fb-memes

ඊයේ (22) සජබ වනිතාවන් 21 දෙනෙකු ගොස් අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිටදී පැවත්වූ විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මූලිකත්වය ගත් අතර ඇයගේ ප්‍රබල හඬ ගැන ඇතැමෙකු ප්‍රශංසා කරද්දී දේශපාලන වශයෙන් ඇයට අකමැති එක්තරා කණ්ඩායමක් ඇගේ ශාරීරික අංග නිරාවරණය වූ අවස්ථාවන්හි



ඡායාරූප අසභ්‍ය අර්ථයක් එන ආකාරයට යොදාගනිමින් ඇයට අපහාස වන ආකාරයේ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ පළ කර තිබේ.

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  එම අපහාසයන්ට ඇගේ ෆේස් බුක් පිටුවෙන් පිලිතුරක් සපයා තිබේ. එය මෛසේය.

” මම මගේ පයෝදර ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පයෝදර වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තන පුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි යන්න මට නිසැකය.
ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි.
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. “



සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය පෝස්ටු කිහිපයක් පහතින්