bandaragama-fuel

බණ්ඩාරගම නගරයේ ඉන්ධනහල අසල දින 5ක කාලයක් ඉන්ධන අපේක්සාවෙන්  රැඳී සිටි පිරිසක් එම මාර්ගයේ ධාවනය කළ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගෙන පැය බාගයකට ආසන්න කාලයක් රඳවා ගෙන ඇති බව වාර්තා වෙයි.




මාර්ගය අවහිර නොවන පරිදි ‍ හිරිහැරයක් නොවන ලෙස ඔවුන් සිය විරෝධය දක්වා තිබුණි.
 අනතුරුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ පසු දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.