
හැටන් නගරයේ ලංගම බස්නැවතුම්පොළ අසල කුරියර් සේවා ආයතනයක් මගින් කොළඹට ප්‍රවාහනය කිරිම සදහා භාරගෙන තිබුණේයැයි කියන ලාෆ් ගෑස් සිලින්ඩර් 20ක් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ හැටන්පොලිස් නිලධාරින් එක්ව ඊයේ (23)දා පොලිස් භාරයට ගෙන තිබේ.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 12ක් සහ කිලෝග්‍රෑම් 7.5 ගස් සිලින්ඩර් 08ක් පොලිස් භාරයට ගැණුනි. කුරියර් සේවා ආයතනයේ ගෑස් තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර ඇති බවට පාරිභෝගිකයන් විසින් පොලීසියට කළ දැනුම්දීමක් මතහැටන් පොලීසියේ නිලධාරින් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමග එක්ව එම කුරියර් ආයතනයට ගොස් සිලින්ඩර් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. කුරියර් සේවා ආයතනයක ගෑස් සිලින්ඩර් ළග තබාගැනීම හෝ ප්‍රවාහනය කිරීම සපුරාතඟතම් බවත්, එම ආයතනයේ නිලධාරින්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෙතික පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානාධිපති රංග කරුණාරත්න මහතා පැවසීය
.කුරියර් සේවා ආයතනය මගින් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ ගෑස් සිලින්ඩර් කුරියර් ආයතනය භාරදීමට කටයුතු කළ පුද්ගලයා පිළිබද එම සේවා ආයතනයේ නිලධාරින් තොරතුරු වසන් කළ අතර, එම ගෑස්තොගය තමන් වෙත අලෙවි කරන ලෙස හැටන් ප්‍රදේශයේලාෆ් ගෑස් පාරිභෝගිකයෝ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.එහිදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පාරිභෝගිකයන් හමුවේ කියා සිටියේ තමන් භාරයට ගත් ගෑස් සිලින්ඩර් තොගය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත කටයුතු කරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval